සති හතරක්.. ඒ කියන්නේ හරියටම මාසයක් ගෙවිලා ගියා.. නෑ, මන් ක්ලාස් එක පැත්තේ අඩියක් තිබ්බේ නෑ.. අඩුම ස්කෝලෙටවත්.. එච්චර හිත හයිය කෙනෙක් නෙවෙයි මම.. ඒත්, හැමදාම අම්මට බොරු කිය කිය ගෙදර ඉන්න බෑ මට.. තැන් තැන් වල වැටිලා කල්පනා කරද්දි අම්මටත් සැකයි.. ඉතින්.. වෙනදා වගේම ඕන දේකට මූණ දෙන්න හිතාගත්තු මන් සෙනසුරාදා උදේම මම ඇහැරුනා !!
><
වෙනදා වගේම මම ක්ලාස් එක ලගට ගිහින් හිටගත්තා.. ඒත්, වෙනදා වගේ ලස්සනට සැරසිලා ගියේ නෑ.. ඔහේ අහුවෙච්ච ඇදුමක් ඇදගෙන, පාරට ආපු ගමන්ම ආව බස් එකට නැගලා ක්ලාස් එකට ආවා..
ක්ලාස් එක ලගින් බැහැලා, Institution එකට ගිහින් අන්කල් එනකන් එතන තිබ්බ බිත්තියකට හේත්තු වෙලා හිටියා.. මට ඕනී මේ ක්ලාස් දෙකෙන් අයින් වෙලා යන්න, නෙලීශව පේන්නෙම නැති තැනකට.. ඒත්, මේ වගේ හොද ටීචස්ලා ආයේ නෑ.. තව මාස හතයි.. අල්ලන් ඉන්න වෙනවා !!
><
අන්කල් ඇවිත් Institution එක ඇරියම මන් උඩට ගිහින් ඩෙස්ක් එකේ ඔලුව තියන් හිටියා.. කාටවත් කතාකලේවත් නෑ.. එයාලත් මගෙන් අහන්න ආවේ නැත්තේ සීන් එක දන්න නිසා..
අනේ මන්දා, මට තාම හිතාගන්න බෑ නෙලීශට මොකද්ද උනේ කියලා.. ඒත්, මට හිතෙනවා නෙලීශගේ මේ නරක වෙනසට හේතුව මෙවුල් කියලා.. මොකද, ඉස්සර නෙලීශ හිටියේ රදීශ් එක්ක.. එතකොට කොල්ලට ලකුණුත් තිබ්බා හොදට.. ඉස්සරනම් දැක්ක ගමන් කටපුරා හිනාවෙලා "ආ ස්නේහ" කියනවා.. දැන් ඒවා මතකයන් විතරයි.. මන් මටම හිනාවුනා.. හොදවැඩේ ස්නේහ උඹට ලොකු අතුවල එල්ලෙන්න යනවට !!
ටීච එනකන්ම මන් ඩෙස්ක් එකේ ඔලුව තියන් හිටියා.. ටීච ඇවිල්ලත් තාම අරගොල්ලෝ නෑ.. මන් සතුටු වුනා.. වෙනදට ක්ලාස් එකේ බැල්කනි එකට ගිහින් එයා එනකන් බලන් ඉන්න මම අද එයා එන්නැති එක ගැන සතුටු වෙනවා.. ඒත්, මගේම අවාසනාවට එයා ඒ වෙලේම පඩිපෙළෙන් උඩට ආවා.. නෑ, මන් බැලුවේ නෑ.. මට දැනුනා කවුරු හරි මගේ අත තදකරලා අල්ලගන්නවා වගේ.. මන් ඉක්මණින් බැලුවා.. සවියා !!
![](https://img.wattpad.com/cover/343910817-288-k908992.jpg)
YOU ARE READING
දෑසේ දුරින්~ ||TK||✔
Saggistica❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා.. අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා.. දෑසේ දුරින් යාවී මෙදා !!❞ -ස්නේහ දනුද්දර එදිරිසිංහ-