දාහත්වන කොටස.

438 72 13
                                    

After A Day~

අද සදුදාවක්.. සෙනසුරාදට පස්සේ දවසකුත් ගෙවිලා.. මන් හිටියේ මහම මහ කලකිරීමකින්.. නෙලීශ කොච්චර මොන දේ කරත් මන් එයාට පුදුම තරම් ගරු කලා වගේම පුදුම තරම් විශ්වාස කලා.. කවුරු මොනවා කිව්වත් මන් එයාව විශ්වාස කලා.. ඒත්, එදායින් පස්සේ එයා ගැන තිබුණ හැම පැහැදීමක්ම හේදිලා ගියේ මහ වැස්සකට අහු වෙලා වගේ..

එදා නෙත්රූ දැම්ම නම්බර්ස් දෙකෙන් එකක් මන් අක්කා කෙනෙක්ට දුන්නනේ.. ඉතින් එයා ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා පන්තියේ කොල්ලෙක් වගේ.. එතකොට ඒ නම්බර් එක මෙවුල්ගේ.. නෙලීශගේ ලගම ඉන්න යාළුවගේ.. ඉතින්, මන් හැමදේම දැනගත්තා.. හැමදේම කියන්නේ හැමදේම !!

නෙලීශත් දැනගෙන ඉදලා මන් එයාගේ photo එකක් dp දාගෙන හිටියා කියලා.. ඒක නෙලීශට දාලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි නෙත්රූ.. මන් හිතුවේ නෑ ඌ එහෙම කරයි කියලා.. මෙවුල් මාව අල්ලගෙන බයිට් කරනවා අර අක්කා අතින් කිය කිය.. උන් දැනන් හිටියලු මන් නෙලීශට කැමතී කියලා.. තව.. ම්ම් නෙලීශට කෙල්ලෙකුත් ඉන්නවලු.. මෙවුල් මාව පුදුම තරම් පහත් කරලා කතාකරා.. දරාගන්නවත් බෑ මට අඩුම ඒවා.. මොනවා කරන්නද.. වැරදි අත්තක වැහුවේ මමනේ.. මම එපැයි හැමදේම දරාගන්න.. මාත් ඉතින් ඒ අක්කා ලව්වා මෙවුල්ට හැමදේම කිව්වා.. මන් නෙලීශට අවුරුදු දෙක හමාරක ඉදන් කැමතී කියලා.. ඉතින් එච්චරයි.. නෙලීශ ගැන තිබ්බ විශ්වාසෙත් බිදිලම ගියා.. ආදරයක් උනත් පවතින්නේ විශ්වාසයක් මත !!











><












මායි මගෙ අනිත් උන් ටිකයි හිටියේ ස්කෝලේ කොරිඩෝ එක දිගේ ආපහු පන්තියට එන ගමන්.. Geography වලට අපිව geography room එකට ගෙන්න ගත්තා.. අපි ආයෙත් පීරියඩ් දෙකම ඉවර වෙලා ක්ලාස් එකට එන ගමන් හිටියේ.. අපි ටිකම පොත් ටිකත් තුරුල් කරන් කයියක් ගහගෙනම පන්තියට ඇතුල් වෙන්න ආවා.. ඒත්,

"Dp දාගෙන හිටියට නෙලීශ කැමති නෑ වගේ !!"

පන්තිය ඇතුලෙන් ඇහුන සද්දෙත් එක්ක මාව එතනම නැවතුනා.. පන්තිය ඇතුලෙස් හිටියේ කොමස් කරන කොල්ලෝ ටික.. උන් කොමස් වලට ගිහින් නෑ.. නෙත්රූත් හිටියා.. මාව නිකන් ගල් ගැහුනා වගේ.. මාත් එක්ක ආව උනත් බය වෙලා වගේ මන් දිහා බලනවා..

"යෝ....හ් !! නෙලීශ... නෙලී.....ශ !!"

උන් ටික ආයෙත් කෑගහන්න ගත්තා.. නෙත්රූ කොල්ලෝ ටිකගේ මැදට වෙලා කටකොණින් හිනාවෙලා මන් දිහා බලන් ඉන්නවා.. ඌ ඔය පිරිමහන්නේ යසිරු ඌව දාලා ගිය තරහා.. හැම පැත්තෙන්ම අසරණ උනේ මාව..

"නෙලීශට කෙල්ලෙක් ඉන්නවා.."

මන් එහෙන්ම හැරුනා.. පොත් ටිකත් ඩෙස්ක් එකක් උඩට විසිකරපු මන් ආපහු හැරිලා කොරිඩෝව දිගේ දුවගෙන වගේ ගිහින් බිත්තියකට හේත්තු උනා.. මට ඇඩෙන්න වගේ.. අරුන් තව මොන මොනවද කිය කිය කෑගහනවා.. නෙලීශත් හැමදේම දන්නවා ඇති.. මන් මටම හිනාවුනා.. ආදරේ කරන එක මෙච්චර වරදක් කියලා දන්නවනම් සත්තයි එදා උඹ කතාකරපු වෙලේ මගඇරලා යනවා මන් !!













><














ගෙදර එද්දි තුනත් පහුවෙලා.. කොහොමත් ඔහොම තමයි.. වෙලායනවා එද්දි.. ගෙදර ආව ගමන් නාගත්ත මන් එහෙන්ම වැටුනේ ඇදට.. මහන්සී.. මහන්සී කියන්නේ පට්ටම මහන්සී.. අනික ඔලුවේ කැක්කුමයි.. මේ වෙලාවට කොහොමත් මට හැමදාම ඔලුවේ කැක්කුමයි.. පැන්ඩෝල් එකකුත් බිව්ව මන් එහෙම්ම ඇදට වැටිලා බෙඩ්ශීට් එක පොරවගත්තා..

ඒ අස්සේ අම්මත් බනිනවා ඇහෙනවා.. ඉස්සර පාරට ඇවිත් බෑග් එක අරගෙන ඔලුව අතගාපු අම්මා නෙවෙයි දැන් ඉන්නේ.. ගෙදරිනුත් ලැබෙන ප්‍රෙශර් එක දැන් ලොකුයි.. ඉස්කෝලේ වෙච්ච දේවල් එක්ක ඇගට වඩා හිතට අමාරුයි.. ගෙදර ආවම අම්මත් මෙහෙම කෑගහද්දි මට හැමදේම එපාවුනා.. එපා වුනා නෙවෙයි, එපා වෙලා ඉන්නේ !! පපුවත් කාරගෙන උගුරේ ඉකියක් හිරවෙද්දි මන් කොට්ටෙත් හපාගෙන තනියෙන් ඇඩුවා.. හැමදාම මෙහෙමයි.. ගොඩක් වෙලාවට ඉස්කෝලේ ඇරිලා ආවම මන් කරන්නේ අඩන එක.. අනේ මන්දා.. හැමදේම එපාවෙලා ඉන්නේ.. මේ පොඩි වයසෙදි ජීවිතේ එපා වෙන්න තරම් මන් කොච්චර පවුකාර ඇතිද.. ඉස්සරනම් මට නෙලීශව දකින එක ඇත්තටම සැනසීමක් උනා.. ඒත් දැන්, නෙලීශව දකිනවා තියා ඒ නම ඇහෙද්දිත් මට මහ බරක් දැනෙනවා.. ඇත්ත.. ආදරයක් පවතින්නේ විශ්වාසය මට.. ඒක සහතික ඇත්ත !!













❝වැදි රජුට කඩුව පවරා,
වල ලගදි මනමේ හැඩුවා..
ඒ මතක සියළු සගවා,
මහ වැලිය ඔහේ ගැලුවා !!❞





----------------------------------

Vote~
Comment~
Share~

2023-11-14
Jeon_Bun97~

දෑසේ දුරින්~ ||TK||✔Where stories live. Discover now