ඒ වාගෙ ඈ නේවී හිනැහීලා..
ඒ තාලෙ නෑසේවී බොඳවීලා..
කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා..
අවසර නැතී මේ සෙනේ.. නිවාරමී මා මෙදා..දෑසේ දුරින් යාවී මෙදා !!
"ඒකපාර්ශවික ආදරේ කියන්නෙම ලස්සන අහම්බයක්" ලු.. මම කියපු දෙයක් නෙවෙයි.. ඔය ලස්සන ලස්සන කවර දාපු නවල් අස්සේ හැගීම් අකුරු කරපු කතුවරු තමයි එහෙම කියන්නේ.. ඒත්, ඒකපාර්ශවික ආදරේ කියන්නෙම වේදනාවක්.. කවමදාවත් "ආදරේ" විශ්වාස නොකරපු ස්නේහ, මොන කරුමෙකද මන්දා එක හිතකට රැවටුනා..
මම, ස්නේහ දනුද්දර එදිරිසිංහ.. විශ්වාස කරනවද, තාම මට වයස දාහතයි.. ඒත්, ඉලක්කම පොඩි උනාට මට වයසට වඩා අත්දැකීම් තිබ්බා.. ඉතින්, ඒ තමයි මම..
සමාජේ දකින දකින දේවල් එක්කම ආදරේ කියන දේ එපාම වෙලා තිබුණ මගේ හදවතට එකම එක පිරිමි ළමයෙක් ආවා.. ඔවු, පිරිමි ළමයෙක් තමා.. ඔවු, ඔයාලා අහයි කෝ සම්මතේ කියලා.. ඒත්, මම, මේ ස්නේහ නැවතුනේ අසම්මතේ ගාව වෙද්දි එතනිනුත් ලැබුනේ වේදනාවකට වඩා මහ කලකිරීමක්.. ඒකපාර්ශ්වික ආදරේම මට එපා කරපු එයා,
සිතෙව් නෙලීශ ගුණවර්ධන උනා.. ආගම ක්රිස්තියානි උනාට මොකද, මාත් හරි හරියට නෙලීශගේ පිට පොත්තට රැවටුනා.. සමහර විට කලින් ආත්මෙක කරපු පවක් වෙන්න ඇති.. මන් අදටත් ප්රාර්ථනා කරන්නේ ඒකපාර්ශ්වික ආදරෙන් මෙච්චර වේදනාවක් කාටවත් ලැබෙන්න එපා කියන එක විතරයි..
ඉතින්, අහන්න එනවද මගේ කතාව.. ස්නේහ දනුද්දර එදිරිසිංහගේ ඒකපාර්ශ්වික ආදරේ වේදනාව !!
----------------------------------
Our Story එකම ටිකක් වෙනස් කලා..
#Based On True Story.
#Non Fiction.2023-06-11~
Jeon_Bun97~
YOU ARE READING
දෑසේ දුරින්~ ||TK||✔
No Ficción❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා.. අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා.. දෑසේ දුරින් යාවී මෙදා !!❞ -ස්නේහ දනුද්දර එදිරිසිංහ-