දහසයවෙනි කොටස.

426 65 12
                                    

හ්ම්ම්.. තවත් සෙනසුරාදවක්.. පපුව හරි බරයි වගේ.. වෙන දවස් වලට සෙනසුරාදා කිව්වම මට ආයේ වෙන මොකුත් ඕනේ නෑ.. එක අතකට මට හිතෙනවා මන් මගේ හැගීම් එළි කරලා කරගත්තේ වැරැද්දක්ද කියලා.. රහසින්ම ආදරේ කරානම් එයත් ඉස්සර හිටියා වගේම කටපුරා මට හිනාවෙයි නේද !!







><









වෙනදා වගේම මන් ක්ලාස් එකට ගිහින් මිහියා එක්ක ඉදගෙන හිටියා.. අපි දෙන්නා තමයි ක්ලාස් එකට කලින්ම එන්නේ.. ටික වෙලාවකින් ක්ලාස් එකට කට්ටිය පිරෙද්දි මන් දැක්කා නෙලීශත් පඩිපෙල නැගගෙන එනවා.. එයානම් ඉස්සරටත් වඩා සතුටෙන් වගේ.. එයා හරි තැන නතර වෙලා වගේ.. මන් මටම හිනාවුනා.. මට මතක් උනේ හිත නිවන කටහඩකින් කියපු සිංදුවක හිත අවුලන පද පෙළක්..

නුඹ කෝ අහිමි සද මාගේ..
පිළියම් සොයමි තුන් යාමේ..
තහනම් වචනයකි ආලේ !!

විරාමයක්.. භාශි දේවංගගේ.. අර කිව්වත් වගේ මටත් තහනම් වචනයකි ආලේ.. ඉදලා ඉදලා මාත් නැවතුනේ වැරදි තැනක.. කොච්චර කරත් නෙලීශ දිලා බලාගෙන ඉදලා වැඩක් නොවෙද්දි මන් ඉස්සරහා බලාගෙන ඔහේ හිටියා.. අනේ ඒකට ඉස්සර.. මේ වෙලාවට නෙලීශව බලන්න තියන සතුටටත් එක්ක හරි හරියට කියවනවා.. අනේ මන් වෙනස් වෙච්ච තරමක්.. එක අතකට හොදයි.. තනිකම හරි ලස්සනයි !!








><








වෙලාවත් මටම පරහට හිටලා.. විනාඩි කට්ටත් මහන්සියටම අද හරි හෙමීට පැය කට්ට හොයන් ගියා.. කොහොම හරි ගෙවුන පැය දෙක කල්පයක් තරම් දිග වුනා.. ක්ලාස් එක ඉවර උනායින් පස්සේ කට්ටියම පොත් බෑග් වලට දාගෙන නැගිට නැගිට යන්න ගියා.. හැමෝටම කලින් යන්න නැගිටින්නේ නෙලීශයි එයාගේ යාලුවෝ දෙන්නයි.. වෙනදා වගේම ඒ තුන්දෙනයි යසිරුගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙත්රූයි නැගිටලා යන්න ලෑස්ති උනා.. දැන් යසිරු, නෙත්රූ කපල් එකත් නෑ.. ඒ දෙන්නත් බ්‍රේකප් වෙලා.. පවු.. මොනා උනත් නෙත්රූ හොද කොල්ලා.. මටත් උදවු කලානේ.. මන් ඌ එක්ක කතාකරලා නෑ හැබැයි..

හතර දෙනාම නැගිටලා පඩිපෙළ ලගට ආවා.. මන් කට්ටිය එක්ක කතාවට වැටිලා හිටියේ.. ටික වෙලාවකින් මගේ උරහිසට මොකක් හරි වැටුනා.. මන් ඒ මොකද්ද නොබලා ඒක ආව පැත්ත බැලුවා.. නෙත්රූ !! ඒක දාලා තියෙන්නේ ඌ.. අනිත් තුන්දෙනා පහළට ගිහින් වෙද්දි ඌත් මන් දිහා බලලා පහළට ගියා.. මන් ඉක්මණට යසිරු ඉන්නවද බැලුවා.. දෙයියන්ගේ පිහිටෙන් ඌ නෑ.. ඌ දැක්කනම් හරි නෑනේ.. මන් බිමට නැවිලා බැලුවා.. ගුලි කරපු කොල කෑල්ලක් බිම තිබ්බා.. මන් බිමට නැවිලා කොල කෑල්ල ගත්තේ අරුන් ටිකත් බලන් ඉද්දි..

දෑසේ දුරින්~ ||TK||✔Where stories live. Discover now