< I treat you better >

719 146 57
                                    

නොදැනීම දින දෙක තුනක් ගෙවිලා ගියා ජංකුක් ට කොච්චර රෙස්ට් එකේ ඇදට වෙලා ඉන්න කිව්වත් ජංකුක් නම් ඇදටම වෙලා ඉදලා එපා වෙලා හිටියේ . ඒත් ටේහ්‍යොන් හැම වෙලාවෙම ඇවිත් ජංකුක් ගේ මුරණ්ඩු වැඩ වලට බනිද්දි ජංකුක් තොල් පෙරලා ගන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කලේ නැහැ .

උරහිසෙහි තියෙන තුවාලය යම් තාක් දුරට වේලිලා තිබුනු නිසා ජංකුක්ට කලින් තරම් වේදනාවක් නම් තිබුනේ නැහැ . හැමදාම ටේහ්‍යොන් ජංකුක් ගේ කාමරයට ඇවිත් ජංකුක් ගේ හැම දෙයකටම වගේ උදව් කලා .

සර්වන්ට් කෙනෙක්ට කියලා වොශ් දා ගන්න ජංකුක් හෙල්ප් එකත් ගත්තත් දැන් ජංකුක් ට වොශ් දාන්න හෙල්ප් කරන්නෙත් ටේහ්‍යොන් . ජංකුක් ට ඇදුම් ඇද ගන්න හෙල්ප් කරන්න ඒ වගේම කෑම කවන්න ජංකුක් ට නින්ද යන කල් ලගටම වෙලා ඉන්න ටේහ්‍යොන් කොයි මොහොතක වත් අමතක කලේ නැහැ .

ඒ හැම දේකින්ම සිද්ද උනේ ජංකුක් ටේහ්‍යොන් ගැන පැහැදුනු එක . මොන දේ සිද්ද උනත් කමක් නැහැ කියලා හිතපු ජංකුක් උදේම අදිටන් කර ගත්තේ තමන්ගේ හිත ඇතුලේ නලියන ඒ හැගීම ටේහ්‍යොන් ට කියන්න .

අදත් ජංකුක් ගේ කාමරයට උදේම ආපු ටේහ්‍යොන් ජංකුක් ට වොශ් එකක් දා ගන්න හෙල්ප් කරලා ජංකුක් ගේ බැන්ඩේජ් එක මාරු කරන්න ගත්තා . ජංකුක් ව මිනි සෝෆා එකෙන් වාඩි කරවලා ටේහ්‍යොන් හිටියේ පොඩි ස්ටූල් එකකින් වාඩි වෙලා .

දාලා තිබුනු බැන්ඩේජ් එක ඩස්බින් එකට දැම්ම ටේහ්‍යොන් මුලින්ම තමන් ලග තිබුනු වතුර භාජනයට පොඩි නැපියක් දාලා තෙමා ගත්තා . ටේහ්‍යොන් තෙමා ගත්තු නැපිය අරන් ජංකුක් ගේ තුවාලය වටා පිරිසිදු කරන්න ගත්තේ හරි පරිස්සමෙන් . ජංකුක් ට වැලි කැටයක තරම් වත් වේදනාවක් නොදැනෙන තරමටම ටේහ්‍යොන් පරිස්සම් උනා .

නැපිය පැත්තකින් තියපු ටේහ්‍යොන් ඩොක්ටර් දීපු ටියුබ් එකෙන් පේස්ට් ටිකක් පුලුන් කෑල්ලකට අර ගත්තා . පේස්ට් එක නම් ජංකුක් ගේ තුවාලේ ගාවින් ගෑවෙන කොටම ජංකුක් ටේහ්‍යොන් ගේ අත තද කරලා අල්ල ගත්තේ තමන්ට දැවිල්ලක් දැනුනු නිසා . හිමින් සැරේ පිඹමින් ටේහ්‍යොන් බෙහෙත් දමද්දි ජංකුක් යාන්තමින් තමන්ගේ ඇස් අඩවන් කර ගත්තා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now