සාමාන්‍ය පරිදි ටේහ්යොනුත් ජංකුකුත් ස්ටෙෆනිගෙ මැන්ෂන් එකට ආවා . ඒ එනකොටත් ස්ටෙෆනි සුපුරුදු විදිහට ජිමින් එක්ක රණ්ඩු වෙමින් හිටියා . ජංකුකුයි ටේහ්යොනුයි සිනහා සෙන අතරෙම ලිවින් රූම් එකට එද්දි ස්ටෙෆනි ජිමින්ව තල්ලු කරලා දාලා ජංකුක්වයි ටේහ්යොන්වයි එක පාරම බදා ගදා ගත්තා .
විසික් වෙලා ගියපු ජිමින් අමාරුවෙන් නැගිටලා සෝෆාවෙන් වාඩි වෙද්දි ටේහ්‍යොන් ජිමින්ට තමන්ගේ අත් වලින් මූණත් වසා ගෙන හිනා උනා . ටේහ්‍යොන් දිහා ඇස් හීනි කරලා බැලුව ජිමින් ටේහ්‍යොන් ටත් රවමින් තමන්ගේ අත් හරහට බැද ගත්තා . එහෙන්මම ජංකුකුත් ටේහ්යොනුත් සෝෆාවෙන් වාඩි වෙද්දි ස්ටෙෆනිත් ජිමින් ගාවින්ම වාඩි උනා .
" ඔයාලා දෙන්නා එයි කියලා මම හිතුවේ නැහැ "
" මම එන්න නෙමෙයි ස්ටෙෆනි හිටියේ ඒත් කොහෙද ඩාර්ලින් ට ඔයාලව බලන්න ඕනේ කිව්වනේ "
ටේහ්‍යොන් තමන්ගේ අතක් ජංකුක් ගේ කලවයක් මතින් තබා කියද්දි ජංකුක් ස්ටෙෆනි දිහා බලා සිනහා සුනා . ජංකුක් ට කොයි වෙලාවක වත් ස්ටෙෆනි වයි ජිමින් වයි පිට අය විදිහට දැනුනේ නැහැ .
" එදා කලබලේ යන්න උනානේ ඉතිම් මට ආයේ මැන්ෂන් එකට එන්න ඕනේ උනා "
ජංකුක් සිනහා සෙන අතරෙම කියද්දි ටේහ්‍යොන් තමන්ගේ ඇස් ජංකුක් දිහාවට යොමු කලා .
" හැබැයි ඔයාලා දෙන්නම අද ආපු එකත් හොදයි මට ඔයාලට පෙන්නන්න දෙයක් තියෙනවා ජිමින් ඔයාටත් .. සමහරවිට ඔයාලා මේ ගැන දන්නවත් ඇති "
ස්ටෙෆනියි තමන්ගේ ෆෝන් එක අතට අර ගනිද්දි ජිමින් තමන් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ටේහ්‍යොන් උන් සෝෆාවෙන්ම වාඩි උනා . ස්ටෙෆනි මොනවදෝ මන්දා ෆෝන් එකෙන් හොයද්දි ටේහ්යොනුත් ජිමිනුත් කුතුහලයෙන් පිරිලා ගියා . එක පාරටම ස්ටෙෆනි තමන් ට අවශ්‍ය වූ දෙය සොයා ගෙන තමන්ගේ ෆෝන් එක ටේහ්‍යොන් දිහාවට දික් කලා .
ස්ටෙෆනි තමන් දිහාවට දික් කෙරුව ෆෝන් එක අතට ගත්තු ටේහ්‍යොන් ස්ටෙෆනි පෙන්වූ දෙය දිහා හොදින් බැලුවා . ටිකෙන් ටික ටේහ්‍යොන් ගේ ඇස් ලොකු වෙන්න ගද්දි ජිමින් ටේහ්‍යොන් ගේ අතේ තිබුනු ෆෝන් එක උදුරලා අර ගත්තා ඒත් එහි තිබුනු දෙයට ජිමින් නම් කීයට වත් පුදුම උනේ නැහැ . හරියට ජිමින් හිටියේ ඒ දෙය ඔහු කලින්ම දැනන් හිටියා වගේ ..

YOU ARE READING
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔
Azioneප්‍රේමය නම් එයයි .. ගිනි අරන් ඇවිලුනත් ඇවිලිලා අලු උනත් නුඹම පමණයි ...!!! ⤊ 𝐒𝐦𝐮𝐭 ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭...