< Doubt arose in him >

306 71 43
                                    

ඩිනර් එකට වෙලාව ලං වී ගෙන එද්දි ටේහ්‍යොන් කිම්ව තමන්ට වාරු කර ගෙන ඩයිනින්ග් රූම් එකට එක්කන් ආවා . මේඩ්ලා දැනට මත් ඩිනර් එක ඇරේන්ජ් කරලා තියෙද්දි ටේහ්‍යොන් කිම්ගේ ප්ලේට් එකට ස්පැගිටි බෙදන්න ගත්තා . ඒ අතර තුර වොශ් එකක් දා ගන්න ගියපු ජංකුකුත් ඩිනර් එක ගන්න පහලට එද්දි කවදාවත් නැතුව ඩිනර් ටේබල් එකේ කිම් ඉන්නවා දැකපු ජංකුක් ගෙ ඇස් ගැස්සුනා .

තමන්ට ආයේ හැරිලා යන්න බැරි බව දන්න නිසාම මද සිනහවක් රදවා ගනිමින් ජංකුක් ඇවිත් ටේබල් එකෙන් වාඩි උනා . ටේහ්‍යොන් ගෙත් කිම් ගෙත් ඇස් එක වරම තමන් දිහාවට යොමු වෙද්දි ජංකුක් දෙදෙනාගෙම ඇස් මග හැර ස්පැගිටි ටිකක් තමන්ගේ ප්ලේට් එකට දා ගත්තා . ඩිනර් ටේබල් එක පුරාම පිරිලා තියෙන නිහඩ බව බිද දමමින් ටේහ්‍යොන් කතා කරද්දි ජංකුක් කන අතරෙම ටේහ්‍යොන් දිහා බැලුවා .

" කාර් එකේ පැච් එක ගියේ කොතනදිද ?? "

ටේහ්‍යොන් තමන්ගේ එක් ඇහිබැමක් උස්සන් ජංකුක් ගෙන් අහද්දි ජංකුක් තරමක් කලබල උනා . බොඩි ගාඩ් මැන්ෂන් එකට යන් එන පාර ගැන ජංකුක් ට ලොකු අවබෝධයක් තිබුනේ නැහැ . ඒත් ටේහ්‍යොන් ට තමන් කිව්ව දේවල් ගැන සැකයක් ඇති වෙයි කියන බයට ජංකුක් තව තව බොරු කියන්න පටන් ගත්තා .

" අහ් කැෆේ ... එක..ට කිට්ටු..ව ව..ගේ "

" ඔහ් ඒත් ඔයා ඉස්සෙල්ලා කිව්වේ මැන්ෂන් එකට ගොඩක් දුරින් කියලනේ එහෙම එකේ කැෆේ එකට කිට්ටු වෙන්නේ කොහොමද ?? "

ඇත්තටම ජංකුක් ඒ වගේ දෙයක් ටේහ්‍යොන් ට කොයිම වෙලාවක වත් කිව්වේ නැහැ . ඒත් ටේහ්‍යොන් ට ඕනේ උනා ජංකුක් ගේ කටින්ම හැම දෙයක්ම අල්ල ගන්න . වේගයෙන් ඉහල පහල යන ජංකුක් ගේ නොසන්සුන් පපුව කලබයෙන් එහෙ මෙහෙ යන ඇස් මේ හැම දෙයක්ම ටේහ්‍යොන් නෝට් කලා . ජංකුක් ට තමන් කියූ දේවල් ගැන ලොකු මතකයක් තිබුනේ නැහැ .

ටේහ්‍යොන් ගෙන් බේරෙන්න කලබලේට කියන දේවල් ගැන ජංකුක්ට වගක් තිබුනෙත් නැහැ . ඒත් ජංකුක් දැන් හිර උනා . ටේහ්‍යොන් නිහඩවම කෑම කන්න ගත්තත් ජංකුක් ගෙන් තමන්ගේ ඇස් නොගෙන ඉන්න තරමටම ටේහ්‍යොන් ජංකුක් ව සැක කලා . ටේහ්‍යොන් කියන්නේ කෙයාලස් මනුස්සයෙක් උනත් මේ වෙලාවේ තමන්ගේ ආදරවන්තයා දිහත් සැකෙන් බලන තරමටම ටේහ්‍යොන් තියුණු උනා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now