< The rhythm of the heart >

506 77 60
                                    

පහුවදම හැමෝම ඩේගු යන්න සූදානම් වෙද්දි ටේහ්‍යොන් ට බ්‍රැන්ඩෝ එක්ක කතා කරන්න තිබුනු අවස්ථාව මග හැරුනා . ජංකුක් කලින් දවසේ සූදානම් කර ගත්තු තමන්ගේ ලැගේජස් ටික ගෙනත් කාර් එකේ ඩිකී එකට දමද්දි ටේහ්‍යොනුත් තමන්ට අත්‍යවශ්‍ය කියන දේවල් ටිකත් ඩිකී එකට ගෙනල්ලා දැම්මා . ස්ටෙෆනිත් තමන්ගේ ලැගේජස් ටික අරන් ජිමින් එනකල් බලන් හිටියත් ජිමින් නම් තවමත් එන පාටක් නම් පේන්න තිබුනේ නැහැ .

" කෝල් එකක් දීලා බලන්න ස්ටෙෆනි සමහරවිට ජිමිනා තාම නිදි වෙන්න ඇති "

" අනේ ඇත්තමයි ටේ මේ මෝඩයට වෙලාවට වැඩක් කරන්නම බෑනේ මට තරහා යනවා "

ස්ටෙෆනි තමන්ගේ සයිඩ් බෑග් එකේ තිබුනු ෆෝන් එක අරන් ජිමින් ගේ නම්බර් එක ඩයල් කරලා ජිමින්ට කෝල් කලා . ටිකක් වෙලා කෝල් එක රින්ග් වෙද්දි ජිමින් කෝල් එක ආන්සර් කලා . හොදටම තරහ ගිහින් හිටපු ස්ටෙෆනි ජිමින් කෝල් එක ආන්සර් කරපු හැටියෙම ජිමින්ට බැන ගෙන බැන ගෙන යද්දි ජිමින්ගේ මුලු මූණම හැකිලිලා ගියා .

" ස්ටෙෆනි අයිම් සොරි මට හදිස්සි වැඩක් වැටුනා ඒක නිසා ඔයාලා එක්ක ඩේගු යන්න මට එන්න වෙන්නේ නැහැ "

" යහ්හ්හ් ජිමිනාහ්හ්හ් තමුසෙ පොරොන්දු උනා "

" මම දන්නවා ඒත් මට එන්න වෙන්නේ නැහැ .. අයිම් සෝ සෝ... "

ජිමින් එයි කියන බලාපොරොත්තු වෙන් හැමෝම බලන් ඉද්දි අවසානෙදි ජිමින් වෙනස්ම කතාවක් කියද්දි ස්ටෙෆනිට තරහා ගියා . ජිමින් එක්ක කතා කරන එකෙන් වෙන්නේ තමන්ගේ තරහ තවත් වැඩ වෙන එක විතරක් නිසා ස්ටෙෆනි කෝල් එක කට් කරලා තමන්ගේ ෆෝන් එක ඕෆ් කරලා දැම්මා . ස්ටෙෆනිගෙ තරහින් රතු වෙලා තියෙන මුහුණ දකිද්දි මොකක් හරිම ප්‍රශ්නයක් කියලා ටේහ්‍යොන් ටයි ජංකුක් ටයි හිතුනා .

" මොනවද ජිමින් කියන්නේ එයා එන ගමන්ද ?? "

" ආයිශ් ඒ මෝඩයට එන්න වෙන්නේ නෑලු අපිට විතරයි ඩේගු යන්න වෙන්නේ "

ස්ටෙෆනි තමන්ගේ අත් දෙකත් හරහට බැද ගෙන පුපුරද්දි ටේහ්‍යොන් හුස්මක් පිට කලා . ජිමින් මොන හේතුවක් නිසා අන්තිම මොහොතේ මේ වගේ තීරණේ වෙනස් කලත් ඒ ගැන කලින් කට්ටියව දැනවත් නොකරපු එක ගැන ටේහ්‍යොන් ටත් තරහක් දැනුනා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now