" One - Two - Three - Four "" RUN FAST !! "
" හයියෙන් තමා මිනිහෝ දුවන්නේ "
" ඔයා මට බනින ඒවා මට හොදට ඇහෙනවා ඩාර්ලින් "
" ආර්ර්ර්හ්හ් "
ජංකුක් Weight lifting වලට වගේම running වලටත් තරමක් වීක් උනා . අනිත් ඇක්ට්විටීස් වලට ජංකුක්ට හොද ෆිට්නස් එකක් තිබුනත් ඉක්මනින් ටයර්ඩ් වෙන ගතියක් ජංකුක් ට තිබුනා . ඒක නිසාම බ්රැන්ඩෝ ජංකුක් ව ට්‍රේනින් හෝල් එකට නොදා අලුතින්ම එන බොඩිගාඩ්ස්ලා පුරුදු කරන බොඩිගාඩ් මැන්ෂන් එකට ජංකුක් දැම්මා .
බොඩිගාඩ් මැන්ෂන් එකේ සියලුම වැඩ සිද්ද උනේ ටේහ්‍යොන් ගේ අණට .ඒක නිසාම බ්‍රැන්ඩෝට සිද්ද උනා ජංකුක් ව ටේහ්‍යොන් ගේ බාරයට යොමු කරන්න . පැයකටත් වඩා වැඩි වෙලාවක් මැන්ෂන් එකේ තියෙන රනින්ග් ට්‍රැක් එකේ ජංකුක් හති ඇර ඇර දුවනවා .
ටේහ්‍යොන් නම් තරමක් එහාට වෙලා තමන්ගේ අත් දෙකත් බැදගෙන ජංකුක් දිහා බලන් හිටියේ ජංකුක් ගොඩක් ස්ලෝව් නිසා . ටේහ්‍යොන් ගේ කට හඩ ඇහෙද්දි ජංකුක් ෆාස්ට් දුවනවා ආයෙම ටේහ්‍යොන් ගෙන් සද්දයක් නැති වෙද්දි ජංකුක් ස්ලෝව් දුවනවා .
ටේහ්‍යොන් බැරිම තැන තමන්ගේ කරේ තිබුනු විස්ල් එකෙන් විස්ල් කරද්දි ජංකුක් ටේහ්‍යොන් ටත් බැන බැනම ආයෙම දුවන්න ගන්නවා . ඒත් ජංකුක් නම් දැන් හිටියේ පුදුම විදිහට ටයර්ඩ් වෙලා . තවත් දුවන්න තරම් තමන්ගේ කකුල් වලට පණක් නැති වෙද්දි ජංකුක් රනින්ග් ට්‍රැක් එකට එහායින් තිබුනු බෙන්ච් එකෙන් ඉක්මනට වාඩි වෙලා හති අරින්න ගත්තා .
තමන්ගේ සාක්කුවේ දමා ගෙන තිබුනු වෝටර් බොට්ල් එකත් අතට අර ගත්තු ටේහ්‍යොන් ජංකුක් දිහාවට ලං උනා . තරමක් දුර තියාම ටේහ්‍යොන් වෝටර් බොට්ල් එක ජංකුක් දිහාවට විසික් කරද්දි ජංකුක් ඉක්මනින් වෝටර් බොට්ල් එක අල්ල ගත්තා . තියෙන තිබහත් මහන්සියත් නිසාම බොට්ල් එකේ තිබුනු වතුර භාගයක් වගේම ජංකුක් ඉවර කරලා දැම්මා .
ඉතුරු වෙලා තිබුනු අනිත් වතුර ටික තමන්ගේ හෑන්ඩ් කට් ස්වීට් ටී එකට හලා ගත්තු ජංකුක් ලොකු හුස්මක් පහත හෙලුවා . දාඩියෙන් තෙත් වෙලා තියෙන කොණ්ඩේ වගේම ටැටූ පිරිලා තියෙන අත ජංකුක් ගේ සරාගි බව තවත් වැඩි කලා .

YOU ARE READING
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔
Actionප්‍රේමය නම් එයයි .. ගිනි අරන් ඇවිලුනත් ඇවිලිලා අලු උනත් නුඹම පමණයි ...!!! ⤊ 𝐒𝐦𝐮𝐭 ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭...