< Epilogue >

1.1K 91 84
                                    

( මේ සිංදුව අහන ගමන් කතාව කියවන්න )


වසර දහයකට පසු ,

ජංකුක් cemetery එක ඉස්සරහ සුදු ලිලී මල් පොකුරක් අතේ තියන් බලන් හිටියත් cemetery එකට ඇතුලු උනේ නැහැ . තද රතු පැහැති තමන් හොදින්ම දන්නා ටේහ්‍යොන් ගේ කාර් එක වන නතාලියා දිහා ජංකුක් ගොඩ වෙලාවක් තිස්සේ බලන් හිටියා . Cemetery එක ඇතුලට ජංකුක් ට ඇතුල් වෙන්න තදින්ම උවමනා උනත් ජංකුක් තමන්ගේ කකුල් ගල් කර ගත්තා .

තාමත් අවුරුදු දහයකට කලින් සිද්ද උනු දේ නිසා ජංකුක් ගෙත් ටේහ්‍යොන් ගෙත් ජීවිත හැරෙන්න බැරි විදිහටම වෙනස් උනා . ජිමින්ගෙත් රොනීගෙත් මරණයට වැරදිකරු ලෙස වූශික් තම ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් උනා . ජීවිතාන්තය දක්වාම වූශික්ට සිර දඩුවම් නියම උනත් තමන්ගේ ස්වාමියා ජැක්සන් වෙනුවෙන් වූශික් තම පක්ෂපාතීවත්වය රැක ගත්තා .

හිත් බිදීමකින් වූවද සාර්ථක ලෙස තම රාජකාරිය අවසන් කිරීම වෙනුවෙන් ජංකුක් තම තනතුරින් උසස් උනා . ජ්‍යෙෂ්ඨ නිලතල යටතේ ජංකුක් තම රාජකාරිය නොනවත්වාම සිදු කර ගෙන ගියත් ඔහුගේ හදවත පුරාම තිබුනේ දොම්නස් සාංකාවක් පමණි . වෘතීමය වශයෙන් ජංකුක් සාර්ථක උනත් තමන්ගේ ආදර පැතිකඩින් ජංකුක් අසාර්ථක පෙම්වතෙක් උනා .

ජංකුක් සහ ටේහ්‍යොන් අතර සිදු වූ දේවල් නිසාම ටේහ්‍යොන් තමන්ගේ හැම දෙයක්ම අත හැර ඇමරිකාවේ පදිංචියට ගියා . ටේහ්‍යොන් ගේ කට හඩ ඒ කඩවසම් මුහුණ ජංකුක් ට දැක ගන්නට නොහැකි උනා . අඩුම තරමේ ටේහ්‍යොන් ගැන එක ආරංචියක් වත් අහන්න බැරි වෙන තරමටම ටේහ්‍යොන් ජංකුක් ගෙන් දුරස් උනා .

ගෙවුනු කාලය පුරාවටම ජංකුක් වගේම ටේහ්‍යොනුත් හිත් වලින් විදෙව්වා . ජංකුක් ට ආදරේ නොකලා නම් හොදයි කියන සිතුවිලි පවා ටේහ්‍යොන් දැරුවා . ඒ අතර තව එක පාරක් හරි ටේහ්‍යොන් ව බලන්න තිබුනා නම් කියා ජංකුක් ප්‍රාර්ථනා කලා . ටේහ්‍යොන්ව ජංකුක් පතන තරමටත් වඩා ටේහ්‍යොන් ජංකුක් ගෙන් ඈත් උනා . ඔවුන්ගේ දෙහදත් දෙසිතුවිලි මැද විරහවෙන් තනි උනා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now