ඉක්මනින් තමන්ගේ ෆෝන් එක අතට ගත්තු ජංකුක් තරමක් ඈතට ගොස් ඇමතුම සම්බන්ද කර ගත්තා . ටේහ්‍යොන් ගේ ඇස් නම් මේ වෙලාවේ කොහොමත් නැවතිලා තිබුනේ ජංකුක් ලග . ජංකුක් පොලයිට් අයුරින් කතා කරන බව ටේහ්‍යොන් ට තේරුන් ගියේ ජංකුක් ගේ හැසිරීමෙන් බව නම් නොරහසක් .
කොහොම නමුත් ජංකුක් මේ තරම් පොලයිට් අයුරින් කතා බහ කලේ කිම් එක්ක . හිටි හැටියේම ටේහ්යොනුත් ජංකුකුත් බැන්ග්ලෝ එකේ නොමැති වීම නිසා කිම් තරමක් කලබල උනා . ඒ නිසාම කිම් කීප වතාවක්ම ටේහ්‍යොන් ට කෝල් කලත් ටේහ්‍යොන් ව නම් සම්බන්ද කර ගන්න නොහැකි උනා .
ටේහ්‍යොන් එක්ක අනිවාර්යයෙන්ම ජංකුක් ඉන්නවා කියලා දන්න නිසාම කිම් ඉක්මනින් ජංකුක් ට කතා කලා . මොනවා උනත් කිම් හරි බයයි ටේහ්‍යොන් ට හීරිමක් වත් වෙනවට මොකද ටේහ්‍යොන් කියන්නේ තමන්ගේ ලේ වලින් හැදුනු එකම පුතාට !! ඉතිම් කිම්ට උනත් හිටියේ ටේහ්‍යොන් විතරයි .
කිම් අහන ප්‍රශ්න වලට ජංකුක් සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නා . ටේහ්‍යොන් කලින් ජංකුක් ට කියලා තිබුනු නිසාම රේසින් ෆෝර්ට් එක ගැන කිම්ට නොකියා ඉන්න ජංකුක් පරිස්සන් උනා . ටේහ්‍යොන් හොදින් කියලා සහිතක කර ගත් නිසාම කිම් ඇමතුම විසන්දි කරද්දි ජංකුක් තමන්ගේ ෆෝන් එක සාක්කුවට දමා ගත්තා .
ටේහ්‍යොන් හිටපු දිහාවට ජංකුක් ආයෙම ඇවිදන් එද්දි ටේහ්‍යොන් තමන්ගේ ඇස් කොනින් ජංකුක් දිහා බැලුවා . ටේහ්‍යොන් ට වුවමනා උනා ජංකුක් කතා කලේ කවුරුන් සමගද කියලා දැන ගන්න . නමුත් ටේහ්‍යොන් ට කිසිම අයිතියක් තිබුනේ නැහැ ඒ වගක් ජංකුක් ගෙන් විමසන්න .
ඒ නිසාම ටේහ්‍යොන් ජංකුක් දිහා කිසිවක් නොකියාම බලන් හිටියා . ඒත් ටේහ්‍යොන් බලාපොරොත්තු උනා තමන් ඒ ගැන නො ඇසුවත් ජංකුක් ඒ ගැන තමන්ට කියාවී කියලා . ඔව් ජංකුක් ටත් ටේහ්යොන්ව තේරුම් ගන්න පුලුවන් උනා . ටේහ්‍යොන් තමන් ගැන ඕනවටත් වඩා හොයන නිසා ජංකුක් ඇමතුම ගැන ටේහ්‍යොන්ට කියන්න තීරණය කලා .
" මිස්ටර් කිම් කතා කලේ !! ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ කිව්වා "

YOU ARE READING
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔
Acciónප්‍රේමය නම් එයයි .. ගිනි අරන් ඇවිලුනත් ඇවිලිලා අලු උනත් නුඹම පමණයි ...!!! ⤊ 𝐒𝐦𝐮𝐭 ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭...