ටේහ්‍යොන් ගේ මැන්ෂන් එකට ඇවිත් ගෙවුනු දින කීපය ඇතුලත ජංකුක් ට පුලුවන් උනා ටේහ්‍යොන්ට තරමක් ලං වෙන්න . ටේහ්‍යොන් උදේ නැගිට්ට ගමන් මේසේ උඩින් බෙඩ් ටී එක තියන්න ජංකුක් අමතක කලේ නැහැ . මැන්ෂන් එක බලා ගන්න කෙනා ඇරෙන්න අනිත් දේවල් කරන්න සර්වන්ට් කෙනෙක් නොහිටපු නිසා කොල්ලෝ දෙන්නට තම තමන්ගේ වැඩ තනියම කර ගන්න සිද්ද උනා .
මැන්ෂන් එක ක්ලීන් කරන වැඩේ ටේහ්‍යොන් භාර ගනිද්දි බ්‍රෙක්ෆස්ට් ලන්ච් ඩිනර් රෙඩි කරන්න ජංකුක් භාර ගත්තා . කොහොමත් ටේහ්‍යොන් හදන කෑම බීම වලට වඩා ජංකුක් ගේ රෙසිපීස් බෙස්ට් . ටේහ්‍යොන් ගේ කෙයාරියන් ඇටෙන්ෂන් එක බැන්ග්ලෝ එකේදී ලැබුනටත් වඩා මැන්ෂන් එකේදී ජංකුක්ට ලිමිට් එකක් නොමැතිව ලැබුනා .
හැම වෙලාවකම වගේ ජංකුක්ව දකිද්දි ජංකුක් ගේ කම්මුලකින් හාදුවක් තවරන එක ටේහ්‍යොන්ට දැන් පුරුද්දක් වෙලා . ලන්ච් එක ගන්න ගමන් එක එක දේවල් කියවන්න බෙඩ් එකේ ඉදන් පොප්කෝන් කන ගමන් මූවිස් බලන්න ජංකුකුයි ටේහ්යොනුයි අමතක කලේ නැහැ . ගත කරන හැම මොහොතක්ම ඔවුන් ලස්සන මතයක් කර ගත්තා .
ඊටත් වඩා ඒ හැම දේකින්ම ජංකුක් අසීමාන්තිකව සතුටු උනා .
ජනෙල් තිර අතරින් යාන්තමින් හිරු එලිය ටේහ්‍යොන් ගේ මුහුණට වැටෙද්දි සුව නින්දක හිටපු ටේහ්‍යොන් තමන්ගේ ඇස් පොඩි කරමින් අවදි උනා . අදත් තමන්ගේ උණුහුමේ ජංකුක් හිටියේ නැහැ . බෙඩ් එක ගාවින්ම තියෙන මිනි ටේබල් එක දිහා බලපු ටේහ්‍යොන් දැක්කේ ජංකුක් ගේ අතින්ම හදලා තියෙන තමන්ගේ බෙඩ් ටී එක .
උද්යෝගිමත් සිනහවක් එක්කම බාතෘම් එක දිහාවට ගිය ටේහ්‍යොන් ෆේස් වොශ් ඇන්ඩ් මවුත් වොශ් කර ගෙන ආයෙම එලියට ආවා . බෙඩ් ටී එක තමන්ගේ අතට ගත්තු ටේහ්‍යොන් එක හුස්මට ටී මග් එක හිස් කරලා ආයෙම ටේබල් එක උඩින් තිබ්බා . තමන්ගේ තොලට උඩින් ගෑවිලා තියෙන කිරි ටිකත් පිහිද ගත්තු ටේහ්‍යොන් හරි ෆ්‍රෙශ් එකෙන් පහලට ගියා .
ට්‍රව්සර් එකේ සාක්කුවට තමන්ගේ අත් දෙකත් දමා ගත්තු ටේහ්‍යොන් කිචන් එකට දිහාවට ගියේ දැනට මත් කිචන් එකට වෙලා බ්‍රෙක්ෆස්ට් රෙඩි කරන ජංකුක් ව හොයා ගෙන . ටේහ්‍යොන් යද්දි ජංකුක් රෝස පාට ඒප්‍රන් එකකුත් ඇද ගෙන හැම්බර්ගර්ස් වලට සෝස් එකක් හදනවා . ජංකුක් ගෙන් ටේහ්‍යොන් දැක්කේ කියුට් වයිෆි මෙටීරියල් එකක් .

YOU ARE READING
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔
Açãoප්‍රේමය නම් එයයි .. ගිනි අරන් ඇවිලුනත් ඇවිලිලා අලු උනත් නුඹම පමණයි ...!!! ⤊ 𝐒𝐦𝐮𝐭 ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭...