< He was gone >

445 74 44
                                    

කිම්ගේ බොඩි එක පැය විසි හතරක් ඇතුලත මෘත ශරීරාගාරයෙන් ගෙනියනු ලැබුවා . ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබූ නිසාම සියලු දෙනාම Cemetery එකට ඇවිත් තිබුනා . ස්ටෙෆනි වගේම ජිමිනුත් කිම්ගේ funeral එකට ඇවිත් තිබුනේ මේ වෙලාවේ ටේහ්‍යොන් ගේ ලගින් ඉන්න එක වැදගත් නිසා . කළු පැහැති ඇදුමකින් සැරසී සිටි ටේහ්‍යොන් අවසන් වරට කිම්ගේ මුහුණ දිහා බැලුවා .

ඒත් එක්කම කොෆින් එක වහලා දාද්දි ටේහ්‍යොන් තමන්ගේ ඇස් තද කර ගනිමින් කදුලු පාලනය කර ගන්න උත්සාහ කලා . ජංකුක් ටේහ්‍යොන් ගේ පිටි පසට වී සිද්ද වෙන හැම දෙයක් දිහාම බලන් හිටියා . ජංකුක් ට දුකයි එහෙත් ජංකුක් ට කියා කරන්නත් වෙන කිසිවක්ම නොතිබුනා . ජිමින් වගේම ස්ටෙෆනිත් ටේහ්‍යොන් ගේ උරහිසින් අල්ලන් ටේහ්‍යොන් ගේ හිත හදන්න උත්සාහ කලා .

අවසන් වරට කිම් ගේ Grave එකට අවසන් ගෞරව දක්වපු ටේහ්‍යොන් කිම්ගේ grave එක ලග දණ ගැහුවා . ටේහ්‍යොන් ට ටිකක් තනියම ඉන්න දෙන එක මේ වෙලාවේ හොදයි කියලා හිතුනු නිසාම බ්‍රැන්ඩෝ වගේම අනිත් බොඩිගාඩ්ලා ටිකත් කාර් එක ගාවට ගියා . අවසානයේදී ජිමිනුත් ස්ටෙෆනිත් ජංකුකුත් පමණක් ටේහ්‍යොන් සමග ඉතුරු උනා . ස්ටෙෆනි ජිමින්ගේ අතින් අල්ලා ගනිද්දි ජිමින් ස්ටෙෆනිව තමන්ට තුරුලු කර ගත්තා .

අත් දෙකත් හරහට බැද ගෙන ජංකුක් තවමත් ටේහ්‍යොන් දිහා බලන් හිටියා . එහෙත් ටේහ්‍යොන් නම් තවම කිම්ගේ grave එක ලග හඩමින් තමන්ගේ දුක වේදනාව පිට කරන්න ගත්තා . මද වේලාවක් ගත වෙද්දි ජිමින් ජංකුක් ගේ පිටට තට්ටුවක් දමමින් ස්ටෙෆනි සමග cemetery එකෙන් පිටතට ආවා . ටේහ්‍යොන් ලගට ලං උනු ජංකුක් ටේහ්‍යොන් ගාවින්ම දණ ගහ ගෙන ටේහ්‍යොන් ගේ හිස තමන්ගේ උරහිසින් රදවා ගත්තා .

" සිද්ද උනු දේ ගැන දුක් වෙලා වැඩක් නැහැ ටේ අපි දැන් හිතන්න ඕනේ ඉස්සරට කරන්න ඕනේ දේවල් ගැන "

" මට .. කිසිම දෙයක් .. තේරෙන්නේ .. නැහැ .. ඩාර්ලින් .. මගේ අප්පා නෙමෙයි මෙතන ඉන්න ඕනේ .. හරි නම් ඒ මමයි .. "

කිම් ගේ grave එක දිහා බලා ගෙන ටේහ්‍යොන් කියද්දි ජංකුක් ටේහ්‍යොන් ගේ හිස යාන්තමින් පිරිමැද්දා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now