ඇහි පිය හෙලන සැනින් මසක පමණ කාලයක් ගත උනා . ඒ ගෙවී ගිය කාලය අතර තුර ජංකුක් තරමක් දුරට සුව වී තිබුනත් ටේහ්‍යොන් නම් ජංකුක් ට ඔහුගේ කාමරයෙන් එලියට එන්න වත් ඉඩ දුන්නේ නැහැ මොකද ජංකුක් සම්පූර්ණයෙන්ම සුව වෙනකල් ටේහ්‍යොන් ට ඕනේ උනේ නැහැ ජංකුක් ව වගකීම් අතරේ හිර කරන්න .
ඒත් ජංකුක් ට නම් ඕනේ උනේ ඉක්මනින්ම හොද වෙලා ටේහ්‍යොන් ගාවින්ම ඉන්න . දවස ගානේ එක එක හේතු හදා ගෙන ජංකුක් කරන්නේ ටේහ්‍යොන් ව තමන් ගාවින් තියා ගන්න එක . මොකද ජංකුක් ට ඕනේ උනේ ටේහ්‍යොන් තමන්ගේ පේනේ මානෙම ඉන්නවා දකින්න ඒක නිසාම ටේහ්‍යොන් උනත් ගොඩක් වෙලාවට ජංකුක්ව තනි නොකර ජංකුක් ලගින්ම හිටියා .
මොකද ටේහ්‍යොන්ට ජංකුක් තරම් වෙන කිසිම දෙයක් වැදගත් නොවුනු නිසා . ටේහ්‍යොන්ට රේසින් ෆෝර්ට් එකට යන්න වුවමනා උනත් ටේහ්‍යොන් ජංකුක් ව තනි කරන්න අකමැති කමට ෆෝර්ට් එකට පවා යන එක නතර කලා .
ටේහ්‍යොන් රේසින් ෆෝර්ට් එක පැත්තට වත් එන්නේ නැති නිසා ජිමින්ට සිද්ද උනා මුලු ෆෝර්ට් එකම හැන්ඩ්ල් කරන්න . ජිමින් කොහොමත් සෙකන්ඩ් ලීඩර් උනු නිසා ෆෝර්ට් එක බලා ගන්න එක ජිමින්ට අමාරු දෙයක් නම් උනේ නැහැ . ඒත් ජිමින් එක්ක විතරක්ම ඉන්න එකට ස්ටෙෆනි නම් පොඩ්ඩක් වත් කැමති උනේ නැහැ . ඒ ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැනේ !!
ටේහ්‍යොන් ට කීප වතාවක්ම ස්ටෙෆනි කතා කලත් ජංකුක්ව දාලා එන්න අකමැති නිසාම ටේහ්‍යොන් ස්ටෙෆනිගේ වචන අහක දැම්මා . ජංකුක් නම් වෙන ගාඩ් කෙනෙක් එක්ක ටේහ්‍යොන් ට ගිහින් එන්න කියලා සමහර වෙලාවල් වලට කිව්වත් එක විනාඩියට වත් ටේහ්‍යොන් ට ඕනේ උනේ නැහැ ජංකුක් ගේ තැන වෙන කෙනෙක්ට දෙන්න ඒක නිසාම ටේහ්‍යොන් මොන දේ සිද්ද උනත් ජංකුක් ට හොද වෙනකල්ම තමන්ගේ ගමන් බිමන් නතර කරලා තියා ගත්තා .
මොකද මේ හැම දේකටම වඩා ටේහ්‍යොන් ට ජංකුක් ව වටිනවා !! එයාලට ආදරය කරන්න බැරි උනත් ටේහ්‍යොන් ජංකුක් ට නොකියාම හරි ලස්සන ආදරයක් දුන්නා . ජංකුක් ට මුලින්ම ටේහ්යොන්ව දැක්ක දවසේ දැනුනු හැගීමට වඩා හාත්පසින්ම වෙනස් හැගීමක් දැනෙන්න ගත්තා . ටේහ්යොන්ව විකාරයක් පිස්සුවක් වගේ දැකපු ජංකුක් අද ටේහ්‍යොන්ට ආදරය කරන්නේ පිස්සෙක් වගේ නෙමෙයිද ??

YOU ARE READING
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔
Actionප්‍රේමය නම් එයයි .. ගිනි අරන් ඇවිලුනත් ඇවිලිලා අලු උනත් නුඹම පමණයි ...!!! ⤊ 𝐒𝐦𝐮𝐭 ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭...