< Severe breakouts > ⚠️

429 60 73
                                    

ටේහ්‍යොන් , ජංකුක් වගේම ස්ටෙෆනිත් ඩේගු මැන්ෂන් එකට ඇවිත් දින තුනක් ගත උනා . ටේහ්‍යොන් කිම් ගැන හිතන එක නතර කරන්න ගොඩක් උත්සාහ ගත්තා එහෙත් තමන්ගේ අප්පව ඔය කියන ඉක්මනින් අමතක කරලා දාන්න ටේහ්‍යොන් ට බැරි උනා . ගත වන විනාඩියක් විනාඩියක් පාසම කිම් නැති අඩුව ටේහ්‍යොන් ට දැනුනා . ඒ හැම දෙයක්ම පිටතට නොපෙන්වා පුලුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න ටේහ්‍යොන් උත්සාහ කලා .

මොකද හැම කෙනෙක්ම තමන් ගැන වද වන නිසා ඩේගු මැන්ෂන් එකට ඇවිල්ලත් ඒ අයගේ බලාපොරොත්තු කඩලා දාන්න ටේහ්‍යොන් ට බැරි උනා . දවස ගත කරන්න කට්ටිය ගේම්ස් ප්ලේ කලා , මූවීස් බැලුවා , අලුත් අලුත් රෙසිපීස් ට්‍රයි කලා . පොඩි වෙලාවකට හරි සීමිත වන හිනාවක් ටේහ්‍යොන් ගේ මුහුණට අර ගෙන එන්න ජංකුක් වගේම ස්ටෙෆනි ත් ගොඩක් මහන්සි උනා .

මේ ගෙවුනු කාලය තුල ජේම් අලුත්ම ගේම් එකක් පටන් ගත්තා . කිම් ගේ ෆියුනරල් එක රාවයක් වගේ රැව් දෙද්දි ඒ ගැන ජේම් විතරක් නොදැන ඉන්න හේතුවක් නොතිබුනා . ටේහ්‍යොන් ඉන්න තත්ත්වේ උඩ ටේහ්‍යොන් ට ඇටෑක් කරන්න තියෙන හොදම වෙලාව මේක කියලා ජේම් හිතුවා . තමන්ගේ පලිය විතරක් නෙමෙයි ජැක්සන් ගෙයි තමන්ගේ සමුච්චන් ගෙයි මරණෙට ටේහ්‍යොන් ගෙන් පළිගන්න ජේම් ට ඕනේ උනා .

ජැක්සන් නැති නිසාම ජේම් ජැක්සන් ගේ මැන්ෂන් එක තමන්ගේ වැඩ වලට පාවිච්චි කලා . ඒ වගේම ජැක්සන්ගේ ලගම ගාඩ් උනු වූශික් ජේම්ට එකතු උනා . ජේම් ගේ හැම වැඩකටම වූශික් ගොඩක් ජේම් ට උදව් කලා ඒ වගේම ජේම් ගේ අණ හොදින් පිලිපැද්දා . ජැක්සන් සමග වූශික්ට තිබුනු ලෝයටිලි එක ඒ විදිහටම ජේම් ගාවදිත් තිබුනා . ඒ නිසා ජේම්ට වූශික් එක්කලා වැඩ කරන එක ගොඩක් පහසු උනා .

" මිස්ටර් ජේම් ඩේගු මැන්ෂන් එකේ එක බොඩිගාඩ් කෙනෙක් වත් නැහැ . ඉන්නේ ටේහ්‍යොනුයි එයාගේ යාලුවෝ දෙන්නයි විතරයි "

වූශික් හැම දෙයක් ගැනම තොරතුරු සැනින් ජේම්ට සැපයුවත් වූශික් මේ දේවල් කියන්න කලින් ජේම් හැම දෙයක් ගැනම දැනන් හිටියා . ජැක්සන් ගේ කැබින් එකට වෙලා ජැක්සන් ගේ පුටුවේ වාඩි වෙලා හිටපු ජේම් පුටුවට හේත්තු වෙලා තමන්ගේ අත් බැද ගත්තා . බොඩිගාඩ් ලා ඩේගු මැන්ෂන් එකේ නැති එක ජේම්ට ලොකු වාසියක් උනා . හැමදේම හොදින් සිද්ද වෙද්දි ඩේගු මැන්ෂන් එකට ඇටෑක් කරන එක ඉක්මන් කරන්න ජේම් තීරණය කලා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now