< Regret and bereavement >

300 63 54
                                    

මේන් හවුස් එක තුලදි ජංකුක් සහ රොනී අතර සිදු වූ ඒ කතා බහින් පසුව නිහඩවම සතියක් ගෙවී ගියා . නිතරම වගේ රොනී ජංකුක් ව බ්ලැක්මේල් කරමින් එවන වීඩීයෝ සහ කෙටි පණිවිඩ වලින් නම් අඩුවක් තිබුනේ නැහැ . ජංකුක් හැකි තරම් ඒ සියල්ලක්ම නොසලකා හරිමින් ඉන්න දැඩි උත්සාහයක් ගත්තත් ඇතැම් අවස්ථාවල් වලදී මේ දේවල් වලින් ජංකුක් ගේ මනස පිරිහෙන්න ගත්තා .

ටේහ්‍යොන් ට කොයි වෙලාවක රොනී මේ ගැන කියයිද කියන බයෙන් ජංකුක් ගේ මුලු හිතම පිරිලා තිබුනා . ටේහ්‍යොන් සමග එක විනාඩියක් සතුටින් ගත කලොත් ජංකුක් ගත වන ඊලග විනාඩියේ සිටියේ දෙගිඩියාවෙන් . කොයිම වේලාවක වත් ජංකුක් ගේ හිතට සැහැල්ලුවක් නිදහසක් දැනුනේ නැහැ . නොසන්සුන් බව කනස්සල්ල ජංකුක් ව අරක් ගත්තා .

උදෑසන අවදි උනු ජංකුක් අවදී වූ විගසම සූදානම් වී ටේහ්‍යොන් ගේ කාමරයට එබුනත් ටේහ්‍යොන් ඔහුගේ කාමරයෙහි නොසිටී නිසාම ජංකුක් කිචන් එකට ගියා . සුපුරුදු පරිදි කිම්ගේ ටී එකට curare පවුඩර් එක එකතු කරපු ජංකුක් මේඩ් කෙනෙක් ඇවිත් කිම්ගේ ටී එක අරන් යනකල් ලිවින් රූම් එකට වෙලා බලන් හිටියා . තමන්ගේ ඇස් තදින් පියා ගත්තු ජංකුක් වෝල් එකට හේත්තු වෙලා වේදනා බර සුසුමක් පිට කලා .

කිම් අපරාදකාරයෙක් මාෆියාකාරයෙක් උනත් ජංකුක් මනුස්සකම සෙනෙහස කියන දේ කිම් ගෙන් දැක්කා . කිම් වෙනුවෙන් කෙතරම් දුකක් තමන් තුල ඇති උනත් ජංකුක්ට ඉදිරියට යනවා ඇරෙන්න පසු බහින්න නොහැකි උනා . ලිවින් රූම් එකට වෙලා ජංකුක් බර කල්පනාවක කිමිදෙද්දි මේඩ් කෙනෙක් ජංකුක් ගාවට ඇවිත් ජංකුක් ට උණු උණුම කොෆී එකක් දීලා කිචන් එකට ගියා . ජංකුක් කෝෆී කෝප්පයෙන් උගුරක් හිස් කරනවත් එක්කම ජංකුක් ට ඇහුනේ ටේහ්‍යොන් ගේ විලාපයක් .

කෝෆී කෝප්පයක් මේසය මතින් තැබුව ජංකුක් කලබලයෙන් වට පිටාව බලද්දි ටේහ්‍යොන් ගේ මොර දීම එන්න එන්නම වැඩි උනා . ඉහල මහලෙන් ඇහෙන ටේහ්‍යොන් ගේ කඩ හඩ නිසාම ජංකුක් ඉක්මනනින් උඩට ගියා . කිම් ගේ කාමරයෙහි දොර විවර කර තිබූ අතරෙම කාමරය පිටත් මේඩ්ලා වගේම බොඩිගාඩ්ලා කීප දෙනෙක් ගෙන්ම පිරිලා තිබුනා . ඔවුන් වත් තල්ලු කරමින් ජංකුක් කිම්ගේ කාමරයට ඇතුලු උනා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now