Part 10....
Jin - අම්මා කොහෙ හරි ඉදන් මගෙ රත්තරන් දිහා බලාගෙන ඇති පුතේ. ඔයා මේ පවුලට ලොකු හයියක්. කවදාවත් ජීවිතේ වරදින්නෙ නෑ ඔයාට. ඇයි ඔය නළල තුවාල වෙලා? මේ අතත් එක්ක තුවාල වෙලානේ. මොකද උනේ?
Jk - ආ..... මේවා රිදෙන්නෙ නෑ appa. අද ලොකු සර්ලගේ ගෙදර පඩිපෙලේ ලිස්සලා වැටුණා. චූටි සර් ඒ වෙලාවෙම බෙහෙත් දැම්මා. එයාලා පුදුම හොද මිනිස්සු නේද appa? සල්ලි තියනවා කියලා කිසිම ආඩම්බරකමක් නෑ. සමහර තැන්වලදි අපිටත් වඩා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
Jin - ඔව් පුතා ලොකු සර් , ලොකු මැඩම් විදියටමයි චූටි සරුත් හැඩ ගැහිලා ඉන්නේ. සරල මිනිස්සු. ඒත් එයාලට සෑහෙන්න තරහාකාර මිනිස්සු ඉන්නවා. ඇත්තටම එයාලගේ ජීවිතේ කොයි වෙලාවෙ අනතුරේද කියන්න කාටවත් කියන්න බෑ පුතා.
Jk - ම්ම් ඔව් appa ඒක මටත් තේරුණා. ලොකු සර්,ලොකු මැඩම් කොහේ හරි ගියොත් චූටි සර්ව තනියම තියන්නෙ නෑ නේද? පව් චූටි සර්ටත් නිදහසක් නෑ ඒ දේවල් නිසා.
Jin - ඔව් පුතා ඒකනම් ඇත්ත. පුලුවන් වේලාවක චූටි සර්ව එක්කන් යන්න පුතාගේ ඇකඩමි එකට. ඒවා බලලා හරි මනස නිදහස් කර ගනීනේ.
Jk - බලමු appa. දැන්ම ඒ දේවල් ලොකු සර්ලා දැන ගන්න ඕන නෑ. මහන්සියි appa අද. මං ඇග සෝදන් ඇවිත් චූටි වෙලාවක් නිදා ගන්නම්. රෑ වෙන්න කලින් මාව ඇහැරවන්න.
Jin - කන්නෙ නැද්ද?
Jk - ලොකු සර්ලගේ ගෙදරින් කෑවා appa. මගේ කෑම එක තියන්න.මං රෑට රත් කරලා කන්නම්. අපරාදේ කෑම විසි කරන එක.
( එහෙම කියපු jk wash එකක් දාලා ටික වෙලාවක් නිදා ගන්න හිතාගෙන ඇදට ගියා)
( පැය කීපයකට පසු..... after 4 hours )
Jk - appa වෙලාව කීයද?
Jin - 8.15 යි. ඔයා ඇහැරුණා ද?
Jk - ඇයි appa මාව ඇහැරුවේ නැත්තේ? කිව්වනෙ රෑ වෙනකන් නිදා ගන්න දෙන්න එපා කියලා.
Jin - ඒක ඔයාගේ මල්ලිට කියන්න. මං දෙපාරක්ම ඇහැරවන්න ආවා. කෝ ඒත් මට ඇහැරවන්න දුන්නෙ නෑනේ ඔයාගේ ඇග උඩ නැගගෙන එයාටත් නිදා ගන්න ඕනයි කියලා.
Mingyu - appa චී ඔයා කේලමෙක් වෙලා.
Jk - ආහ් මේ බඩ්ඩද මාව ඇහැරවන්න දුන්නෙ නැත්තේ? දෙන්නම්කෝ පනිශ්මන්ට් එක. ලෑස්ති වෙලා ඉන්න රෑ එලි වෙනකන් මගේ ඇකඩමි එකේ ලමයින්ගේ කාලසටහන හදලා future plane එකත් ගහන්න හරිද?
YOU ARE READING
BF forever
RomanceBF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars in the sky...... 😊❤always be smile..... Call me..... MKR WRITTER