Part 65....
V - හියුන්ග්.... කෑම කමුද??
Jk - මට බඩගිනි නෑ චූටි. ඔයා කන්න.
V - කෝ එන්න මං කවන්නම්.
Jk - ඔයා කන්නෙ නැද්ද??
V - හියුන්ගිට කටයි.... මට කටයි.... ආයේ හියුන්ගිට කටයි.. මට කටයි...
( සුරතල් ලෙස පැවසූ v යහනෙහි වැතිර සිටි jkව වාඩි කරවා කෑම කවන්නට පටන් ගත්තේය.)
Jk - ඇති චූටි..
V - තව එකම එකයි.
Jk - බඩ පිරිලා තියෙන්නෙ මැණික.
V - අනේ සුදූ මේක විතරයි....
( සුරතල් ලෙස පවසමින් )
Jk - ඔයා එක්ක බෑ මැණික.
( කෙසේ හෝ අවසානයේ v ජයග්‍රහණය ලබා තවත් කෑම කටක් jkගේ මුඛයට ඇතුල් කරන්නට විය)
V - යාහ්.... ගුඩ් බෝයි. උම්මා....
( jkගේ නළලත මත හාදුවක් තවරමින් )
V - ආහ් ඕම ඉන්න. මං ඉක්මනට අත සෝදන් එන්නම්. පැනඩෝල් දෙකක් බීලම නිදා ගන්න.
Jk - ම්හ් ම්හ් දැන් හරි. බෙහෙත් බොන්නෙ නෑ මං.
( එසේ පැවසූ jk යහනෙහි වැතිර හිසේ සිට යටි පතුල දක්වා ම bedsheet එක පෙරව ගන්නට විය )
V - හා බලමුකො නොබී ඉන්න හැටි.
( එසේ පැවසූ v දෑත් සෝදාගෙන නැවත jk අසලට පැමිණෙයි )
V - ආ..... බොන්නයි කිව්වෙ මේ පැනඩෝල් පෙති දෙක.
Jk - ඔළුව කැක්කුම හොදයි චූටි. කියන දේ අහන්නකෝ.
V - බොනව ද නැද්ද?
Jk - නෑ.
V - යාආආආආ ජොන් ජන්කුකී..... මේ බෙහෙත් පෙති දෙක හතරට කඩලා තියෙන්නෙ බොන්න ලේසි වෙන්න. බොනවාහ්....
( bedsheet එක අදිමින් )
Jk - ඕමෝහ් කිම් ටේයියෝ..... මං බෙහෙත් බොන්නෙ නැහ්. හතරට නෙවෙයි අටට කැඩුවත් බොන්නෙ නැහ්.
V - හා එහෙනම් මට ගුඩ් නයිට් කිස් එක දීලා ඕන මගුලක් කර ගන්නවකෝ.
( vට හාදු ලබා දීමේ අරමුණින් jk පොරවනය ඈත් කොට යහනෙන් අසුන් ගන්නට විය. ඒ සැනින් ක්‍රියාත්මක වූ v වතුර ස්වල්පයක් කටට ගෙන බෙහෙත් පෙති කීපයද ඒ තුලට දමා jkගේ lips මතට නැඹුරු විය )
YOU ARE READING
BF forever
RomanceBF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars in the sky...... 😊❤always be smile..... Call me..... MKR WRITTER