BF FOREVER part 78....

265 30 17
                                    

Part 78....

Yoongi - Excuse mister.... මේ දොර ඇරිය නම් අපිට නිදහසේ කතා කරන්න පුළුවන්.

( තම මෝටර් රථය පිටිපසින් පැමිනි මෝටර් රථය අසළට ගොස් රියැදුරු ජනේලය මතට තට්ටු කරමින් )

People 1  - කොහෙ ද මනුස්සයෝ යන්නෙ?? ඇස් පේන්නෙ නැද්ද තමුන්ගේ ආහ්??

( ටයි කෝට් දමා හොදින් හැඳ පැලඳ සිටි පුද්ගලයෙක් රියැදුරු අසුනෙන් බැස yoongiගෙන් ප්‍රශ්න කරන්නට විය )

Yoongi - මං හිතන්නෙ ඒ ප්‍රශ්නේ තමුන්ගෙන් ම අහ ගත්ත නම් හරි කියලයි. මම ද මෙතන කණ්නාඩි දාගෙන ඉන්නෙ??

( yoongi එල්ල කල පැනයට නිරුත්තර වූ පුද්ගලයා තම උපැස් යුවල ගලවා කලිසම් සාක්කුවට දමා ගන්නට වූයේ කිසිත් නොවූ විලසිනි )

People 2 - අපේ කාර් එකට ගොඩක් ඩැමේජ් ද මින්හෝ?

( මිස්ටර් ජියෝන් පැමිණ මින්හෝගෙන් ප්‍රශ්න කරන්නට විය )

Yoongi - හහ්.... excuse me මිස්ටර්.... ඔයාගේ වාහනේ බලන්න කලින් ගිහින් අපේ වාහනේ ගැන බලන්න. මොකද මෙතැන වැරැද්ද තියෙන්නෙ ඔයාලගේ අතේ.

MR. Jeon -  අපේ වාහනේට එච්චර අවුලක් වෙලා නෑනේ. ඔන්න ඔහෙ මේ ලමයින්ට කීයක් හරි දීලා යවන්න.

Minhoo - කීයක් ද සර්??

MR. Jeon - Car එකේ ඇති මගෙ චෙක් පොත. ඔන්න ඔහෙ තමුසෙ කැමති ගාණක් ලියලා දානවා.

Jk - Excuse me මිස්ටර්. මං හිතන්නෙ මේකට ඔයාලා කැමති ගාණක් දෙන එක නෙවෙයි සාධාරණේ කියලා. අපි ඉන්ෂුවරන්ස් එකටත් කතා කරලා සිද්ධ වෙන්න ඕන වැඩ පිලිවෙල දැනගෙන  ඒ විදියට වැඩ කරමු නේද??

Mr. Jeon - ෂැහ්. මට ඔයාලා වගෙ පොඩි අය එක්ක කාලේ කකා ඉන්න බෑ දරුවෝ. කීයක් ද ඕන කියන්නකෝ.

Yoongi - අපිත් මේ බඩ පිරෙන්න කාලා එන ගමන්. මෙතන ඉදලා තවත් කාලේ කන්න බඩේ ඉඩ නෑ මිස්ටර් කොහොමත්. නැද්ද බං jk මල්ලියේ?? මුලින්ම ගිහින් අපේ වෙහිකල් එක චෙක් කරලා එන්න. ඊට පස්සේ ඉන්ෂුවරන්ස් එකට කතා කරමු.

Minhoo - කයිවාරු නොගහා කීයක් ද ඕන කියනවා.

Jk - heloow Mister.... වැරැද්දත් තමුන් අතේ තියාගෙන  ඔය වගේ පහත් විදියට කතා කරන්න එපා. ඒක හරි කැතයි ටයිකෝට් ඇදගෙන ඉන්න ඔයාලා වගේ මිනිස්සුන්ට.

BF foreverWhere stories live. Discover now