BF FOREVER part 52

237 25 15
                                    

Partt 52....

Namjoon - නෑ පුතා ඔයා මෙතනින් කෑම බෙදන් ගිහින් චූටි පුතා එක්ක කන්නකෝ. මං ඕක අස් කරන්නම්.

Jin -  එපා ලොකු සර් මං අස් කරන්නම්.පුතා මුලින්ම ඔයා කෑම ටිකක් බෙදාගෙන යන්නකෝ. Soobin sir එන්න ඉද ගන්න. කෑම ටිකක් කමු.

( jk තම පියාගේ අණට කීකරුව ඔහුටත් Vටත් කෑම බෙදාගෙන එතැනින් පිටත්ව යයි )

Jin - ලොකු සර් ඔයත් ඉදගෙන කන්න දැන්. මං බිම වැටුණු සුප් භාජනේ අස් කරලා එන්නම්.

Namjoon - මං අස් කරන්නම් කිව්වනේ.

Jin - කරදර වෙන්න  එපා ලොකු සර්. මේක අස් කරන එක මහලොකු අමාරු වැඩක් නෙවෙයිනේ. මං අස් කරන්නම්.

( එසේ පැවසූ ජින් එතැන පිරිසිදු කිරීම සදහා සූදානම් විය )

Jin - ආෂ්....

( එක් දෑතක් අල්ලා ගනිමින් jin තරමක් හඬින් එලෙස පවසන්නට විය )

Namjoon - හරිද?? අත කපා ගත්තා නේද?? පණ්ඩිතකමට ඔහොම වෙලා මදි අනේ.මෙන්න මෙහෙ එනවා බෙහෙත් ටිකක් දා ගන්න යන්න.

Jin - න් නෑ ල් ලොකු සර් ම් මේක ලොකු තුවාලයක් නෙවෙයිනේ. ටිකකින් කැක්කුම අඩු වෙයි.

Namjoon -  දෙයක් කිව්වාම අහන්න පුරුදු වෙනවා ජීනු. Soobin ඔයා කෑම කන්න එහෙනම්. මං මේ පණ්ඩිතයගෙ අතට බෙහෙත් දාගෙන එන්නම්.

( එලෙස පැවසූ namjoon  jinගෙ දෑතින් අල්ලාගෙන පැමිණෙන්නට වූයේ namjoonගේ නිදන කාමරය වෙතටයි )

Namjoon - ඉද ගන්න ඔතනින්. මොන සිහියෙන්ද වීදුරු කටු අයින් කලේ? මං බලන් හිටියේ. ඔයා හොද සිහියෙන් නෙවෙයි හිටියේ ඒ වෙලාවේ.

( ඇද අසල තිබෙන කබඩය විවර කරමින් )

Jin - න් නෑ ල් ලොකු සර් එහෙම එකක් නෑ. මං ඒ වීදුරු කට්ට ටිකක් තදට ඇල්ලුවා. ඒකයි.... අත තුවාල උනේ.

Namjoon - හැබෑට?? මට ද බොරු කරන්නෙ?? යොන්ජුන් බැන්න එකට හිත කලබලෙන්ද ඉන්නෙ??

( ප්‍රථමාධාර පෙට්ටිය අතට ගනිමින් )

Jin - අනේ නෑ ලොකු සර් ඒ අහිංසකයා නිසා නෙවෙයි. යොන්ජුන් සර් මට දරුවෙක් වගේ. දරුවෝ අතින් වැරදි වෙනවා තමයි. අනික ඔය වයසෙ හැටි එහෙම තමයි ලොකු සර්. ඒවා ගැන හිතලා දුක් වෙන්න හොද නෑ අපි.

Namjoon - ඔයාගේ වගේ  ලස්සන හිතක් මටත් තිබුණනම්.....

BF foreverWhere stories live. Discover now