Part 35....
Jk - ම්ම් පරිස්සමින් එක්කන් යන්න jimin එහෙනම්.
( එලෙස පැවසූ jk mingyu අසලට ගොස් ඔහුව තම දෑතට ගත් අතර jimin v අසලට ගොස් ඔහුගේ ඉන වටා දෑත් යවමින් ශක්තිමත් ලෙස අල්ලා ගන්නට විය.මොහොතකින් සියලු දෙනාම පහත මාලයට ගමන් ගන්නට විය)
V - මගේ eomma..... ඔයාට නින්ද ගියා ද?? ඉක්මනට නැගිටලා ආවනම් අපිට නිවාඩුවට කොහෙ හරි යන්න පුලුවන්නේ.
( jisooගේ නිසල සිරුර අසලට ගොස් හිස පිරිමදිමින්)
( අවමංගල්‍ය උත්සවයට පැමිණි සියලු දෙනාගේ අවදානය මේ මොහොතේ පියපුතු දෙදෙනාට යොමුව තිබුණි)
Namjoon - අනේ මගේ රත්තරන්....
( හඬා වැටෙමින් v අසලට ගොස් ඔහුව තුරුළු කර ගනියි)
V - appa.... eomma හිමිහිට ඇහැරෙද්දෙන්. ඔයා ඔහොම අඩන්නෙ ඇයි මේ?? Eommaට ඇහුණොත් නින්ද කැඩෙයි. පව්නේ appa.... ඒ නිසා සද්ද කරන්න එපා.
Namjoon - අනේ soobin මට මේවා ඉවසන්න බෑ දෙයියනේ.
( soobin දෙසත් jin දෙසත් බලමින් )
V - ඇයි appa?? මොකද උනේ?? සම්චොන් ඔයාවත් කියන්නකෝ ඇයි මේ appa අඩන්නෙ කියලා.
( කෙතරම් පිරිස සිටියත් Vට වගේ වගක් නැත. ඔහු හැසිරෙන්නෙ සියල්ල අමතකව ගොස් ඇති ආකාරයටයි. සැබැවින්ම Vගේ මේ හැසිරීම බොහෝ දෙනෙකුගෙ දෑස් තෙත් කරන්නට සමත් විය)
Jimin - jk..... මොකද බං මගේ කොල්ලට මේ වෙලා තියෙන්නෙ??
Jk - හිතා ගන්න බෑ ජිමින්. පව් චූටි. එයාගේ හිත පිලි ගන්නෙම නෑ ලොකු මැඩම් එයාව දාලා ගියා කියන එක.
V - හ් හියුන්ග්....
( namjoonගෙන් ඈත්ව jk අසලට යමින්)
Jk - කියන්න චූටි..
V - Eommaට ආයේ එන්න කියන්නකෝ..
( හඬා වැටෙමින් vගේ දෑතින් අල්ලයි)
Jimin - mingyuව මං ගන්නම් jk.
( එලෙස පැවසූ jimin jkගේ දෑතෙහි සිටි mingyuව තම දෑතට ගන්නට විය)
Jk - ෂ්ෂ්ෂ්ෂ් චූටි.....ලොකු මැඩම්ට හොද ආත්මයක් ලැබෙයි. පුලුවන් තරම් ඉවසන් ඉන්නකෝ. ඔයා දුක් උනාම ලොකු මැඩම්ට ලෝභ හිතෙයි ඔයාව තනිකරලා යන්න.
YOU ARE READING
BF forever
RomanceBF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars in the sky...... 😊❤always be smile..... Call me..... MKR WRITTER