BF FOREVER part 96....

194 24 11
                                    

Part 96....

Soobin - ඔව් ඔව් එයා තමයි මට කිව්වේ ඔයාගෙන් අහලා එන්න කියලා.

Jin - දැන් මං එපා කිව්වොත් ඔයා නොයා ඉන්නව ද??

Soobin - ඔව් ඉතින්. බාලයෝ උනාම ලොකු එකාගේ පදේට නටන්න එපැයි සෙද්ද.

Namjoon - මොකෝ තමුන්ගේ කටේ සද්දේ??

Soobin - මහා දුෂ්ඨයිනේ. යන්න ද එපා ද කියන්නකෝ.

Namjoon - එපා. මැරි කරලා ඕන කෙහෙම්මලක් කරගන්නවා.

Soobin - චීහ් ඔයාගේ කැත හිත හියුන්ග්. ඒ ලමයා ගෙදර තනියම ඉන්න නිසා දවසක් දෙකක් එහෙ නැවතිලා ඉදලා එන්න හැදුවේ. හනිමූන් ගත කරන්න යන්න හැදුවෙ නෑනේ.

Jin - ඔයා යන්න සූබින්. දෙන්නගෙ ලිමිට් එක දෙන්නා හොදට දන්නවා ඇතිනේ. අනික මගෙන් අවසරේ ගන්න ඕන නෑ සූබින්. ටේමින් කියන්නෙ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්. ඉතින්.... ඔය දෙන්නට නිදහසේ ආදරේ කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ.

Soobin - උම්මාහ්.... ලව් යූ ජීනුවාහ්....

( ජින්ගෙ කම්මුලක් සිප ගනිමින් )

Namjoon - ගිහින් ඩ්‍රින්ක්ස් අරන් එහෙම අහු වෙන්නෙ නෑ හරිද. මේ ඉන්න මනුස්සයා නෙවෙයි ජීනු ඩ්‍රින්ක්ස් ගත්තාම ඉන්නෙ. නිවාඩු ඕනනම් නිවාඩුත් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. දැන්ම ඉදන් වෙඩින් එක ගැනත් ප්ලෑන් කර ගන්නවා. මං යොන්ජුන් එක්ක කතා කරන්නම්.

Soobin - තෑම්ස් මයෙ යක්ස හියුන්ගියෝ. ලව් යූහ් උම්ම්ම්ම්ව්වාහ්....

( නම්ජූන්ගෙද කම්මුලක් සිප ගත් සූබින් නිදන කාමරය වෙත ගමන් කරන්නට විය.මේ අතර ජින්ගෙ දුරකථනය ද නාද විය )

Jin - හෙලෝ මගෙ පැටව් දෙන්නා මොකද කරන්නෙ ඉතින්?? කාලද ඉන්නෙ??

Jk - දැන් ඇඳට ආවේ appa. ඔව් කාලා බීලා රෙදිත් සෝදලා කාමරෙත් අස් කරලා ඇදට ආවා.

Jin - ඉතින් ඉතින් ට්‍රේනින් එක කොහොමද?? අමාරුද??

Jk - ඒ ගැන කියන්න තමයි app  මං කෝල් එක ගත්තේ. ඔයාලා දන්නව ද මගෙයි චූටිගෙයි ට්‍රේනියර්ස්ලා කවුද කියලා ??? J hope , jackson wang  දෙන්නා තමයි අපිව ට්‍රේනින් කරවන්නෙ. ඒ දෙන්නා මාරම හොදයි appa. යාළුවෝ වගේ ඉන්නෙ අපිත් එක්ක.

BF foreverWhere stories live. Discover now