BF FOREVER part 82....

241 31 18
                                    

Part 82....

Jin - පුතා කොහෙට ද යන්නෙ?? කාත් එක්ක ද?? එතකොට දොලහ වෙනකන් ඔයා කොහෙද ඉන්නෙ මගෙ දරුවෝ ??

Jk - ඕන්න ඉතින් දිග ඇරියනෙ ප්‍රශ්න පත්තරේ. මං   යන්නේ ජිමිනි කොටා එක්ක චූටිට ගිෆ්ට් එකක් ගන්න. දොලහ වෙනකන් ඉන්නෙත් ජිමිනිගෙ ගෙදර.  දැන් හරි නේද ජින් මහත්තයෝ ? මං යන්න ද ??

Jin - හා හා. කලබල නොවී පරිස්සමින් යන්න. නිදිමත  හැදුණොත් ජිමින් පුතාට හරි වාහනේ ඩ්‍රයිව් කරන්න දෙන්න.

Jk - හරි appa. අනෙ  පුලුවන් හැම වෙලාවටම චූටි එක්ක කතා කරන්න හරිද. මං ෆෝන් තියලා යන්නෙ. උවමනාවක් උනොත් ජිමිනිගෙ ෆෝන් එකට ගන්න. මං ගිහින් එන්නම් එහෙනම්.

( එසේ පැවසූ jk   jinටත් ආචාරකොට නිවසින් පිටව යන්නට වූයේ jiminගේ නිවසටයි )

Yoongi - ආහ් එන්න එන්න මල්ලියේ ඇතුලට. පැටියා.... මෙන්න ආරාධිත අමුත්තා ඇවිත්. සමාවෙන්න ඕන කාලේ අපතේ යනවනම්. මනමාලිනම් තවම ලෑස්ති වෙනවා.

( තම නිදන කාමරයට ඇතුල් වූ jkට yoongi පවසන්නට විය )

Jk - මං ක්ලාස් ඉවර උන ගමන් මැසේජ් එකක් දැම්මනේ ජිමිනට. තවම ලෑස්ති වෙනව ද ?? කෝ ඉතින් හියුන්ගිත් තවම ලෑස්ති වෙලා නෑනේ.

Yoongi - මනමාලි මේකප් එක දානවා තවම. මට මොනාද බං බොටමයි හූඩියයි දා ගන්න විතරනෙ තියෙන්නෙ. ඕකට විනාඩියක්වත් යනව ඈ.

Jk - සල්ලි ටික ගණන් කරන්නත් ඕන හියුන්ග්.ගැන ගැන හිටියේ නෑ ලාච්චුවේ තිබුණ සල්ලි ටික උස්සන් ආවා. ඔක්කොම හරි නේද?? ඔයාලා එතනට කෝල් කලානේ මං එනවයි කියලා ??

Yoongi - ආහ් පැටියා මෙන්න බුලත් අතත් හම්බුණා. දැන් නැකත හරි. දකුණු කකුල පෙරට තියලා කාමරෙන් එලියට එන්න. තව වෙලාව ගත්තොත් ආරාධිත අමුත්තට ඊලගට තියන වෙඩිමට යන්න පරක්කු වෙනව.

Jk - අනේ මන්දා ඇත්තට මෙයාලා නම් ටැක්ටර් වගේ. හෙන slow  අනේ.

Yoongi - ඔව් බං. මටත් දැන් යකා නැගලා තියෙන්නෙ. බනින්නත් බෑ පොඩ්ඩ ඇත්නම් හොටු පෙරාගෙන අඩනවා. අපේ වැරැද්ද බං. පොඩි උන්ට ලව් කරන්න කලින් අපිට තව හිතන්න තිබුණා.

BF foreverWhere stories live. Discover now