🐹 තමුන් ලා දෙන්නා මගේ නම්බුව කන්නේ නැතුව පාඩුවේ ඉන්නවා යුනි එකේදී හරිද..
නැත්තං යුනි එක කියල බලන් නෑ දෙන්නේ කන රත් වෙන්න..🐯 නුනා මෙයා හැමදාම මෙහෙමද
ජින්ගේ උදේ රැප් එක මිනාට පුරුදු උනාට ටේහියුන් ට පුරුදු නැති නිසා ටේ ටිකක් confused වෙලා හිටියේ...බැනුම් මැද්ද යුනි එකට ආව තුන් දෙනා වෙන් උනේ ජින් Staff room එකටත් ටේ Office එකටත් මිනා ඉතින් project presentation එක කරන්න තමන්ගේ Partner ව හොය හොය හිටියේ..
🥀 මේ හෝසොක් කෝ අර ඔයාගේ යාලුවා...
🦄කවුද මට යාලුවෝ ගොඩක් ඉන්නවනේ..🥀 තමුන්ගේ අර නාහෙට අහන් නැති හෝතම්බු මින් යුන්ගී
🦄 ආ අන්න මිනා ඔයා තමා ඌට හරියනම නම දැම්මේ..
ඌ මේ හිටියා පොඩ්ඩක් ඉන්න බලන්න
හෝසොක් සාක්කුවට අත දාගෙන කියපු විදියට මිනා හිතුවේ කෝල් එකක් දෙන්න 4න් එක ගන්න හදනවා කියලා🦄 අඩේ මිනා ඌ හැලිලනේ
🥀 යා මටත් පිස්සුනේ මුන් එක්ක කතා කරන්න🐱 මොකද කෑගහන්නේ
හෝසොක්ට බැන බැන ඉන්න මිනා බැලුවේ තමන්ගේ පිටිපස්සෙන් ඇහුන ඒ කටහඩට..කලු පාට troucers එකට සුදු shirt එක ඇදලා කෝට් එක ඇදල professional ලුක් එකට ඇදල හිටපු යුන්ගී අද වෙනදටත් වඩා Handsome ව පෙනුනා..
යුන්ගී විතරක් නෙමෙයි මිනාත් කලු පාට tide skirt එකට සුදු පාට blouse එක යට කරල ඇන්දම අමුතුම ලස්සනයි කියල බලන ඕන කෙනෙක්ට පේනවා..
හැබැයි ඒ සාය පොඩ්ඩක් කොටයිpresentation එක කරන්න තමන්ගේ වාරේ එනකන් Hall එකේ වාඩි වෙලා ඉන්නකොට මිනා එහෙට මෙහෙට ඇබරෙන විදිය මිනා දිහා සැරින් සැරේ බලන යුන්ගී දෙතුන් පාරක් ම Note කලා
🐱 මොකද තමුසේ ඇබරෙන්නේ
🥀 අනී...🐱 කිරි පණු ගායද
🥀 මං කියන් නෑ කාටද පණු ගාය තියෙන්නේ කියලා🐱 මොනවද කුටු කුටු ගාන්නේ..
🥀 මුකුත් නෑ🐱 ආ
ඇදන් හිටපු කෝට් එක මිනාට දෙනගමන් ඉස්සරහ බලාගෙන කිව්වම මිනා බැලුවේ මේ මොකද කියල🥀 වේ
🐱 ඇබරෙන් නැතුව මේක තියාගන්නව කොල්ලෝ අවුස්සන්නේ නැතුව මෙතන
YOU ARE READING
The Secret Lover
Fanfictionහේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා ඉක්මනට Update කරන්න පුළුවන් වෙයී.. . . ඔයාල කියවනෝද 👉👈 හෙට ඉදන් දාන්නම් 😐 Cover එක හදල දුන්නේ අ...