Episode 05

28 7 6
                                    

දවසින් දවස Faculty night එකට ලං උනා. ඒකේ තියන එක Event එකක් තමා හැම Couple  එකම Dance එකක් Perform කරන්න ඕන එක. යුනි එකේ තැන තැන හැමෝම එක එක Dance පුරුදු වෙද්දි මිනාටවත් යුන්ගිටවත් ඒ ගැන වගේ වගක් තිබුනේ නෑ.

🐨 උබල දෙන්න මුකුත් පුපුරුදු වෙන්නේ නැද්ද යූන්
🐱අනේ මම ඔය විකාර වලට ආස නෑ

🦄තෝ ආස නැති එකෙන් වැඩක් නෑ ගිහිල්ලා මොකක් හරි පුරුදුවෙයන්. ගල් ඉබ්බා..
===============================================

🐱 යා මේ
           එලිමහනෙ තිබුන Bench එකක වාඩිවෙලා Headset දෙකත්  කනේ ගහන් හිටපු මිනා ළගට ඇවිත් යුන්ගී කතා කලත් මිනා ඇහුන් නෑ

🐱 යා
     දෙතුන් පාරක්ම කතා කලත් මිනාට ඇහුනේ නැති නිසා යුන්ගී එඑම්ම මිනාගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තේ ඇස් පියාගන්න ගමන්. ඒත් එක්කම ඇස් පියන් සින්දුව රස විදිනගමන් හිටපු මිනා ඇස් ඇරල බැලුවේ මේ මොකාද කියලා..

🥀 මේ මොකද මේ ඒපාර
🐱 මට නිදිමතයී

🥀ඉතින් මං කොට්ටෙද
🐱නෑ මෙට්ටේ ඔලුව අතගානවකෝ

🥀බබෙක්ද ඔයා
🐱 අමතක උනාද මං ඔයාගෙ boyfriend  කියල

🥀 හහ් ශෝක් විහිලුව...
           මිනා කොච්චර අකමැත්ත පෙන්නුවත් මිනාගේ හිත දන්නවා එයා යුන්ගී ට ආදරේ කරනවා කියල. ඒ නිසා යුන්ගී මේ සැරින් සැරේ කරන සමහර අමුතු වැඩ වලට මිනා ආස කලා. මිනා හරි හෙමින් ඔලුව පිරිමැදපු නිසා යුන්ගී ට සනීපෙට නින්ද ගියා..

🥀 ආහ් දැන් පැයකටත් වැඩී මගේ කකුල් දෙකත් හිරි වැටිලා..
              කොච්චර බලන් හිටියත් යුන්ගී හොද සැපට නිදි එක දිගට නැතත් මිනා තාමත් සැරින් සැරේ යුන්ගී ගේ හිස පිරිමදිනවා..

මේ අතරේ Lecture  ඉවර උන ටේයී කුකියි මිනා ඉන්න තැනට ආවේ ඈත තියාම මිනාව දැක්ක නිසා. ඒත් එයාල මිනාගේ උකුලේ ඉන්න පොඩි එකාව දැක්කෙ නෑ. හොර පූසෝ දෙන්නෙක් වගේ මිනා ඉන්න තැනට ආපු ටේයි කුකීයි කෑගහගෙන පැන්න පාර. මිනා වගේම නිදන් හිටපු යුන්ගිත් ගැස්සිලා ඇහැරුනා

🐱 මොන හු# කරනවද

🐰ඔ ඕ දෙයියනේ අපි ඔයාව දැක්කෙ නෑනේ හියුන්

The Secret LoverWhere stories live. Discover now