Episode 11

23 5 0
                                    

The Secret Love
https://www.facebook.com/groups/3032721963707547/permalink/3431493643830375/?mibextid=Nif5oz

Airport එකෙන් බැස්ස මිනා වටපිට බැලුවේ නෝලිව හොයාගන්න.. ලස්සන මල් කලබකුත් අතින් අරන් ජිමින් වගේම ඇස් පුංචි කරල හිනා වෙන තමන්ගේ අම්මගේ වයසෙම සුන්දර කාන්තාවක් උන නෝලිව හොයාගන්න මිනාට අමාරු උනේ නෑ..

🥀නැන්දේ
" මිනා අනේ මේ අපේ මිනා නේද යූනාගේ සූටි කෙල්ල "

🥀ඔව් නැන්දා ඔයා ජිමිනා වගේමයී
" මගේ කොල්ලා මං වගේ තමා අපි යමූ මහන්සී ඇතිනේ දෝණිට"
             මිනා නෝලිත් එක්ක ගියේ පුංචි තනකොල පිට්ටනියක චූටි සෙල්ලම් පාක් එකක් හදල තිබ්බ අනිත් පැත්තෙන් ලස්සන මල් වවල තිබ්බ පාරක් මැදින් වැටුන ලස්සන හුරුබුහුටි ගෙදරකට.

🥀 අද චූටි බබාලා නැද්ද නැන්දේ
" නෑ මැණික අද නිවාඩු දවසක් නේ ඉතින් පොඩි බබාලා නෑ..."

🥀හුම් නැන්දට පාලු නෑ නේද බබාලා එක්ක ඉන්නකොට
" අනේ ඔව් දරුවෝ පුංචි එවුන් එක්ක ඉන්නකොට කාලේ යනවා තේරෙන් නෑ පොඩ්ඩක්වත්"....
.
.
මිනා නෝලි ළගට ඇවිල්ලා කාලා බීලා පොඩ්ඩක් හාන්සි උනේ හිතට වගේම ගතට දැනුන මහන්සිය නිසා. මිනාට ඒ පරිසරයට හුරුවෙන්න අමාරු උනේ නෑ මොකද නෝලීගේ වැඩ ජිමින්ගේ වගේමයී.
ඉතින් මේ දදස් 2කට පස්සේ ගෙදරට ගොඩ වුන අමුත්තා දැකලා නෝලි හිටියේ හොදටම ගැස්සිලා..

" ඔයා එයා වගේමයී තරුණ කාලේ එයා වගේමයී හැම වෙලාවෙම තෙත් වෙලා තියන ඒ අහිංසක බෝල ඇස් දෙක පිම්බුන කම්මුල් හුරතක් මුණක් තියන හැන්ඩ්සම් කොල්ලෙක් "

🥀නැන්දේ.. කෝ ඔයා
             උදේම ඇහැරුන මිනා නිදි ගැට කඩ කඩ සාලෙට එනකොට දැක්කේ දොර ගාව ඉන්න අමුත්තා දිහා ඇස් දෙකත් ලොකු කරන් ඉන්න නෝලිවයි.. නෝලි දිහා අහිංසක විදියට බලන් ඉන්න අමුත්තවයී

🥀යා ඔයා ඇයි මෙහේ ආවෙ පිස්සුද මෝඩයෝ
          නෝලි වගේම ඒ අමුත්තා ගැස්සුනේ මිනා ගිහින් ඒ අමුත්තට ටොක්කක් ඇන්න නිසා

" කවුද දෝණි මේ "
🥀 ආහ් නැන්දෙව් මේ කුකී

" කුකී කිව්වේ අපේ යොල්ගේ චූටි පුතාද මගේ චිම්ගේ හා පැටියද ආ මේ ඔයාද "
🐰 හුම්ම්

The Secret LoverWhere stories live. Discover now