Episode 07

23 5 0
                                    

Previous
https://m.facebook.com/groups/3032721963707547/permalink/3429121374067602/?mibextid=Nif5oz

යුන්ගිට සමුදීලා කූකී එක්ක එදා ගෙදරට ආපු මිනා යුන්ගිගේ Wedding  එක දවස වෙනකන් කාබරෙන් එලියට ආවනම් ආවේ කන්න විතරයි.. මිනා දවසෙම කලේ නිදාගත්තු එක..

🐯 නුනා එන්නේ නැද්ද අද හියුන් ගේ Wedding  එක
🥀 මං එන් නෑ මොට්ටයෝ ඔයා යන්න

🐯 අනේ නුනා පිස්සු නැතුව එනවා දැන් කුකී ඒවි අපිව එක්ක යන්න
🥀ඇයි ඒ කොල්ලට වද දෙන්නේ අපි Taxi එකක් දාන් යමු

ටේ ගේ බර බරේ නිසා මිනා හෙමීට ලෑස්ති උනා. ලෑස්ති වෙලා පහලට ආපු මිනා දැක්කම හැමෝම පුදුම උනේ වෙනදා ලස්සනට් Fashion  කරන කෙල්ල අද ඇන්ද ගවුම හරිම නොර්මල්. වෙනදා Party එකකට යනකොට පවා ලොකු හීල් එකක් දාන කෙල්ල අද නිකම්ම නිකන් හීල් දෙකක් දාගෙන.

" මිනා පැටියෝ ඇයි ඔහොම ඇදගෙන "
ඒ ඇහුවේ ජීසූ මිනා අද හරි අමුතුයී..

🥀ඇයි ඔන්නී මං කැතයිද ද
" අනී මැණික යමූ ඒත් ඔයාට අසනීපයි වගේ බලන්නකෝ මූණත් එක්ක මැලවිලා "

🥀එහෙම එකක් නෑ ඔන්නී යංකෝ කෝ අපේ ටකරමා..
🐹මිනා මට ඇහුනා...

🐥 ඔයාලා ලෑස්තිද එන්න යමූ...
        ටේ එක්ක ගෙට ආව ජිමින් කතා කලාම මිනා පුදුම උනා..

🐥 ආ මේ කුකී එතන වැඩ නේ ඒක නිසා මම ආවේ ඔයාලව එක්ක යන්න.. අපි යං
     ජිමින් හැමෝම එක්ක එලියට බහින්න හදන්කොටම මිනා ළග හිටපු ටේව අල්ලගත්තේ කකුල් දෙක පන නැති වීගෙන එනවා වගේ දැනුන නිසා.

🐯 ඇයි නුනා ඔයාට අමාරුද ඇයී මේ
🥀 අහ් අනී හෙමින් යං

" මිනා අපි ටිකක් ඉදල යං ඔයාට දාඩියත් දාලා මැණික "
🥀 නෑ ඔන්නී අපි යං නැත්තං පරක්කු වෙයි..

ඒත් මිනාට අඩියක් තියන්න හම්බුනේ නෑ කෙල්ල ටේගේ ඇගට වාරු උනේ හෙමීට ඇස් පියාගන්න ගමන්

" මිනා "
ටේ ඉක්මනට මිනාවත් අරන් සාලේ සෝෆා එකට ඇවිත් හාන්සි කලා. ජින් දුවල ගිහින් වතුර වීදුරවක් අරන් ඇවිත් මිනාගේ මූණ තෙත් කලාම කෙල්ල හෙමින් හෙමින් ඇස් ඇරියා..

🥀ඔන්නී
" අනේ මැණික ඇයි මේ ඔන්නිව බය නොකර කතා කරන්න "

🐥 ඉන්න මං Doctor  කෙනෙක්ට කතා කරන්නම්
🥀එපා චිම්

The Secret LoverWhere stories live. Discover now