~විසිහත් වන පින්න~

1.5K 218 76
                                    

Vote goal- 50

Comment goal- 50

.............................................................

ගගන pov,

මං අද හවස එද්දී දැක්ක දේ හින්දා මගේ යකා නහුතෙටම නැග්ගා...

ඇයි යකෝ මුන් දෙන්නා අර ඇබරැල්ලා ගහේ මොක්කුද උන් වගේ එල්ලිලා ඉද්දී යකා නගින්නැද්ද..?....

ඇබරැල්ලා ගහා යට හිටපු ලොකූටත් උපරිමේටම තරහා ගිහිල්ලා.... පේර කෝට්ටක් තියාගෙන ඉන්නවා....

මාත් ගිහිල්ලා පේර ගහෙන් හොද හයිය දාර සයිස් කෝටුවක් කඩන් ආවා. කෝටුවක් කිව්වාට ඒක පොල්ලක් වගේ. පොඩි පොඩි ඒවා වැඩක් නෑ... එක පාර දෙපාර ගහද්දී කෑලී නෑ කෝට්ටේ...

අර පොඩී කියන එකීට අරකා බන කියන්නැහේ හැමදාම කියනවා ඕකට නගින්නෙපා ලෙස්සයි නැත්තං අත්‍තක් කඩන් වැටෙයි කියලා..... මොන මේකී කනකට ගන්නෑ අරූ කියන එක. ඕකිට පුදූ.......ම ඇබරැල්ලා දොලදුකක්නේ තියෙන්නේ.... යකෝ බඩදරු අම්මලාට වත් නෑ ඔච්චර දොලදුකක්.. මේකි බඩ උනොත් මට ඇඹුල්ම අදින්න වෙයි නොසෑහෙනට මේකිට ගිල්ලන්න...

කොහොමහරි අද ලොකුවා මං  එක්කම මේ වටේ ඇවිදලා රිටක් හොයලා කපන් ඇවිල්ලා කොක්කක් හදලා දුන්නා ඇබරැල්ලා කඩන්න.. මෙහෙ රිටවල් හොයන්න ලේසි නෑ.....

ඒ කරලාත් මේකී ඒක බිම දමලා ගහ උඩ.... මදිපාඩුවට අපේ බඩ්ඩත් අරකි එක්ක ගහ මුදුනේ...

දෙන්නා ගහෙන් බහිනකල් ඉදලා අල්ලගෙන  දිගට හරහට දුන්නා.... ආය නෑ..... , අපේ එකා කාලෙකට පස්සේ කෑවා කෑමනක් මගෙන් නැති වෙන්න..... කොහොමත් මූ අවුරුද්දකට එක සැරයක් මගෙන් කනවා මුලු අවුරුද්දටම ඇති වෙන්න..... අම්මායි තාත්තායි නම් මොකුත් කියන්නේ නෑ ඕවට. මොකද එයාලා දන්නවා මං ගහන්නේ අනිවාර්යයෙන්ම වැරැද්දකට කියලා. ඒ හින්දා අවුලක් නෑ......

ලොකුවා පොඩීට දීලා ඇතෑරියාට පස්සේ මාත් දුන්නා පාරවල් හය හතක්..... ඇයි යකෝ..... මුන් හින්දා අපි ලේ පුච්ච ගන්න ඕන.....

අරකාට... ඒකගේ කියන්න ඉන්නෙත් මේකි විතරයි.... ඌ පන ඇරලා මේකීට.... ඒ තියද්දී මේකී විකාර කරනවා......

දීලා දීලා දෙන්නවම දනගස්සලා මං ඇබරැල්ලා ගෙඩි පනහක් හැටක් අර රිටෙන්ම කඩලා, ඒවා මගේ කමිසේට එකතු කරන් අරින් දෙන්නා ඉන්න තැනින් ගෙනල්ල දැම්මා..... ලොකූවා ලුනු මිරිස් තසිමකුත් ගෙනත් තියලා තිබ්බා උන් දෙන්නා ලගින්.....

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now