~පනස්තුන් වන පින්න~

1.2K 132 27
                                    

කොළඹින් එන්න ටිකක් දවල් උන හින්දා , සීගිරියට එන්න රෑ උනා.........

ආය දිගටම එනවා කියලා ඈ.......

මග දිගට නවත්ත නවත්තනේ ආවේ........

කලින්ම ලොකු අම්මාට කෝල් කරලා කිව්වානේ අපි එනවා කියලා......

අපි එනකල් මග බලන් ඉදලා එයා.........

කිසි වෙනසක් නෑ.......,

පුංචි අපිව පිලිගත්තා වගේම, ලොකු අම්මාත් අපිව පිලිගත්තා.........

අපේ ලොකු අම්මා ඇදී......ලා ගිහිල්ලා ......

එයාටත් දැන් හැත්තෑවක් වගේ වෙනවානේ.........

අයියායි ආක්කායිත් ඇවිල්ලා..........

මං ගෙනාපුවා ඔක්කොම ගෙට ගෙනාවා අරුන් එක්ක එකතු වෙලා..........

හෙට දිහාට බෙදලා දානවා මේවා........

ඉදගන්නෙවත් නැතුව මායි පොඩියි දෙන්නා ගියේ ලොකු තාත්තාව බලන්න......

එයාට නින්ද ගිහිල්ලා.......

කොහොමත් වැඩි හරියක්ම එයා ඉන්නේ නිදාගෙනලු............

මං ලගට ගිහිල්ලා ඒ අතකින් අල්ලගත්තා...

දරකෝටු වගේ.............

පොඩිත් මගේ ලගට ඇවිල්ලා මගේ උරහිසෙන් ඔලුව තියාගත්තා............

සද්දේ නෑහුනාට.......... , මායි පොඩියි දෙන්නාම ඇඩුවා..........

වෙන සාක්ශි මොකටද...,

මේ ඇස් වලින් ගලන කදුලුම මදීද......?

අම්මා තාත්තා නැති උන මුල් කාලේ.. , කිසි වෙනසක් නොකර අපි දෙන්නා බලාගත්තේ මේ මනුස්සයානේ.......

පපුව පැලෙන්න වගේ........

අඩුම තව සතියක් වත් නෑ ජීවත් වෙන්න.....

එතකොට ලොකු අම්මා තනි වෙනවානේ......

ලොකු අක්කා නම් කිව්වා ලොකු අම්මාව එයාලාගේ ගෙදර එක්කන් යනවා කියලා...

මං එක්ක රට යමු කිව්වාම එයා බෑ කිව්වානේ........

ලංකාවේ හිටියා නම් මං ලග තියාගන්නවා මං...........

" ළමයිනේ...... යන් තේ ඩිංගක් බොන්න...ඔය මදෑ ඔතනට වෙලා හීල්ලුවා......... "

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now