~පනස් හත්වන පින්න~

1.4K 148 43
                                    

ඇස් දෙක පියාගෙන හිටපු මං , හේශව් ලගට එනවා කියලා දැනුන ගමන් ඇස් දෙක ඇරියා........

මට ඉස්සරහා තිබ්බ සෝෆා එකෙන් වාඩි උන හේශව් මං දිහා බලාගෙන හිටියා.......

මං සෝෆා එකේ කෙලින් වෙලා වාඩි උනා.....

මට තේරෙන්නෑ කොහෙන් පටන් ගන්නද කියලා.............

" කොහොමද..........? හොදින් ඉන්නවාද....?"

මං ඉස්සර වෙලාම අහපු ප්‍රශ්නේ.......

මට දැන ගන්න ඕන උනා එයා හොදින්ද කියලා..........

මං දිහා ටික වෙලාවල් බලන් ඉදලා එයා කට ඇරියා..........

" කියන්න තරම් හොදක් වත් , කියන්න තරම් නරකකක් වත් නෑ....... ඔහේ ඉන්නවා......... ජොබ් එකයි , දරුවායි නිසා මේ ගාන ඉන්නවා....... "

"ම්න්........... "

" ඔයාට කොහොමද..........?"

මට හිනා ගියා......... මං අහනකල් බලන් ඉදපු ප්‍රශ්නේ එයා මගෙන් ඇහුවා.......

" උඹට මං හොදින් වගේ පේනවාද හේශව්........... ආ............. උඹට මං හොදින් වගේ පේනවාද.......?"

මගේ කට හඩ මටත් නොදැනීම උස් උනා.... මං බලාගෙන ඒ ඇස් ගැස්සිලා යන්තමින් තෙත් වෙනවා..........

ඒත් ඒ කදුලු වලට බෑ මගේ හදවතේ ඇවිලෙන ගින්න නිවන්න.........

" උඹ මාව දාලා ගිය දා ඉදන් මං හොදින් නෙවෙයි , එදා මාව ඇතෑරලා අම්මලාව උබ තෝරගත්ත තැන මං අදටත් හිර වෙලා......... ඇත්තටම කොහොමද උඹ එච්චර ලේසියෙන් මාව ඇතෑරලා දැම්මේ....? පන දෙන්න වගේ හිටිය උඹම එදා මාව අතෑරලා දාද්දී මාව පන පිටින් මැරුනා.......... අඩුම එදායින් පස්සේ උඹ මගේ මූන දිහාවත් බැලුවාද......? නෑ........ උඹ මූනට මූන හම්බුනත් මාව මග ඇරලා ගියා........... ඇයි බං මට එහෙම කරේ........? අම්මා අප්පා නැතුව ඉදපු මාව උබට කැමති කරවගෙන , උඹම මාව ඇතෑරලා දාද්දී......, අනේ උඹට මං ගැන දසමෙකවත් දුකක් දැනුන්නැද්ද....? උඹට අම්මා අප්පා අයියා හිටියාට........, මට හිටියේ මගේ නංගි විතරයි......... ඒකිට මොනා තේරෙනවා කියලාද.......? අම්මා අප්ප නැති වෙද්දී වත් මට එච්චර දුකක් දැනුන්නෑ.......... මං තනියම විදවද්දී මට හිටියේ මගේ නංගි විතරයි.... ඒකි නොමැරී මැරුනා මං හින්දා........ මොකද මං විදවනවා ඒකි හැම තත්ත්පරේම දැක්කා.......... ඒත් උබ...... උඹ නිකමට මං උන්නාද මලාද බැලුවේ නෑ......... ඉස්කෝල මාව දැක දැක නොදැක්කා වගේ ගියා........ පන්ති එන එක නතර කරා.......... මාව නොපෙනෙන්නම උඹ මගෙන් හැංගුනා........ එන්න එන්න පිස්සෙක් වගේ කාලකන්නි වෙන මාව ගොඩ දාන්න මගේකී පුදුම දුකක් වින්දේ........ අවසානේ........ මං හින්දා නෙවෙයි , මං හින්දා දුක් විදිය පොඩී හින්දාම මං දුක හංගන්න පුරුදු උනා........ උඹ උපතින්ම රත්තරන් හැන්ද කටේ ගහන් ආවාට මං එහෙම නෑනේ......... දිනන්න නම් ඉගෙන ගන්නම ඕන........ ඉතින් මං සේරම අමතක කරලා ඉගෙන ගත්තා , උඹ ආතල් එකෙ ඉද්දී ඇයි මට බැරි........ කොහොම හරි අවසානෙ district rank එකක් දාලාම ගොඩ ගිය මං , අපේ බාප්පාගේ අයියා ලගට ගියා........ මං ඕස්ට්‍රේලියා යද්දී නංගී කොරියන් ගියා...... එහෙ ඩිග්‍රිය කරන අතරේ මට ආරන්චි උනා උඹ මැරි කරා කියලා......... එදායින් පස්සේ මට පිස්සු නොහැදුන එක විතරයි , මැරෙන්නම ගිය මාව ඩොක්ටර්ලා එකතු වෙලා අමාරුවෙන් ගොඩ දැම්මා....... මානසිකව වැටෙනවා කියන්නේ ආයම ගොඩ ගන්නම බැරි දෙයක්.......... අදටත් මං බෙහෙත් අහුරු ගනන් බොනවා...... ඒ කවුරු හින්දාද....? වෙන කවුරුත් හින්දා නෙවෙයි , ඒ උඹ හිනදා....... මං මැරි මැරි ජීවත් වෙද්දී උඹ මෙහේ මගුල් කාලා ළමයිනුත් හදලා..... මං අද ඩොක්ටර් කෙනෙක් තමා, මොකද මාව මේ ලෙඩෙන් බේරගත්තෙත් මං ආසාවත් මේක හින්දා , මං කන්න පුලුවන් ඔක්කොම කටු කාලා කොහොම හරි දොස්තර කෙනෙක් උනා....... හැබැයි මට කරපුවා උබට ඇස් පනාපිටම පඩිසන් දුන්නා......... එහෙම වෙන්නෝන...... උබ අද ගෑනියක් නැතුව තනියම දරුවෙක් හදන්නේ උඹ මට කරපු දේවල් හින්දා....... හැබැයි ගෑනි එක්කම දරුවාත් නැති උනා නම් උබට මීට වඩා දැනෙන්න තිබ්බා......... "

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now