~හතලිස් අටවන පින්න~

1.1K 168 25
                                    

Vote goal- 70
Comment goal-50

............................................................................

කතාව අමතක අය කලින් එක කියවලා එන්න........

පැය තුනකට වගේ පස්සේ අපි අවසානෙට පීට්සා හදලා ඉවර කරා.......

රස පාටයි........

කඩේ එව්වාට වඩා නම් හොදයි....

හොදට චීස් දාලා මස් දාලා සොසේජ් දාලා නිසා ආය නෑ පට්ටෙට ඇති......

" අන්න අරූව එක්කන් වරෙන් බං... දැන් ඇහැරලා ඇති..."

දිලුම් කියද්දී මං ඔලුව වනලා ගියා එයාගේ කාමරේ පැත්තට........

දොරට කීප පාරක් තට්ටු කරලා කතා කරාට පස්සේ හිමීට දොර ඇරියා එයා.........

" මං ඇතුල්ට එන්නද......?"

" එන්න ඕනි හින්දානේ දොරට තට්ටු කරේ නේ...... නිකන් සෝබනේ නොදා ඇතුලට වරෙන්..."

ඒව්ව්ව්........ පුදුම ලොකු කමක් මුගේ තියෙන්නේ........

මනුස්සකමට පොඩ්ඩක් ඇස් ලොකු කරලා ඇතුලට එන්නද කියලා ඇහුවාම ඇගට කඩාන් පැන්නානේ ඉතින්......

හරි හරි....... මනුස්ස කමට නෙවෙයි..., කපටි කමට තමා එහෙම ඇහුවේ.....

හෙ හේ....... මූව තම්බන්න මට බෑ.......

මං කාමරේට හිමීට ගිහිල්ලා වටේටම ඇස් කරකලා බැලුවා.......

පිලිවලකට තියෙනවා හැබැයි.........

මං ගිහිල්ලා ඇදෙන් ඉදගත්තා.......

මං දිහා රවන් දොර ගාවට වෙලා බලන් ඉදලා......, දොර වහලා දාලා මෙන්න මූ මං ලගට ඇවිල්ලා හිට ගත්තා......

ඔලුව උස්සලා බැලුවා.......... මං බිම බලන් ඉන්න ඈ.......

කෙලින් බලන් ඉන්න බෑ යකෝ...... වෙන වෙන මගුල් පේන්නේ........

මං ඉස්සරහමනේ ඉතින් හිටන් ඉන්නේ..... 

හෙ හේ...........

නිකන් නිකන් මාව රත් වෙනවා වගේ.........

ඇස් දෙක බෝල කරලා බැලුවා මං..........

" ඇස් ගෙඩි දෙක ගෙම්බෙක්ගේ වගේ කරන් බැලුවාට වැඩක් නෑ....... ආව කාරනේ කියලා යන්න පුලුවන් , අන්න දොර........."

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now