උදේ දුන්න එකත් කියවලාම එන්න.
.............................................................ආදිත්‍ය pov,
මං නැගිටිද්දි අපේ වස්සා නිදි. ඇහැරුවේ නෑ ඉතින් පවු හින්ද.
මූන කට සෝදලා කුස්සියට යද්දි නංගි උයනවා........
" ලොකූ..... වතුර තාම පැහිලා නෑ. පොඩ්ඩක් ඉන්න මං තේකක් හදලා දෙන්නම් පැහුනාම. තව ටිකක් නිදාගන්න එපැයි.."
" උබ වැඩ කරද්දි මට නින්ද යයිද බං. ඒ හින්දා කට වහන් ඔය හාල් එක හෝදලා රයිස් කුකර් එකට ගහපන්. මං තේ හදන්නම්...."
" හි හී........ ආතරේ නිසානේ කීවේ අනේ....... ඒක නෙවෙයි කෝ දිලූ.... තාම නිදිද?"
" නිදි නිදි. කතා කරේ නෑ මම. ඌ නැගිටලා මොනා කරන්න්ද? "
" ඒකත් ඇත්ත හැබැයි....."
" මොනාද පොඩි හදන්නේ. දවල්ටත් එක්කම හදමු හදන දෙයක්. රෑට පුංචි කෑම එවනවානේ."
" බණ්ඩක්කා කරවල දාලා තෙල් දාලා , දෙහි දාලා සම්බෝලයක් අබරනවා..... අනික පුංචි රෑට කෑම එවනවා කියන්නේ ලොකූ..., පහුවදා උදේටයි දවල්ටයිත් අපි දෙන්නාට ඒවා කන්න පුලුවන්. අද හේශව් එන්නෙ නෑ කිව්වා උදේට කන්න. මට මැසේජ් එකක් දාලා තිබ්බා."
හිතුවා වගේම ජනාධිපති පුතනුවන් එන්නේ නෑ අද.
අපි හය හමාර වෙද්දි උයලා ඉවරයි. නංගි උයන හින්දා මිදුල මං අතුගෑවා. හය හමාර වෙද්දි අතුගාල ඉවරයි......
මං ඉදල පිටිපස්සෙන් තියලා ගෙට යද්දි නංගි ගේ අස් කරනවා. මාත් ඉතින් උදව් කරා. මේකි අම්මා වගේ ඔක්කොම වැඩ තනියම කරනකල් මං බලන් හිටියේ නෑ.......
තාත්තාගේ වැරදි නිසා තමා මේ සේරම.........
හත වෙද්දි ගේ අස් කරලා, නංගියි මායි දෙන්නාම නෑවා...... එයා ඇතුලේ බාතෲම් එකෙන් නාද්දි මං එලියේ එකට ගියා...... මං නාලා එද්දිත් නංගි නානවා.......
කෙල්ලෝනේ.....
හතයි විස්සයි වෙලාව.....
අර කම්මැලි වස්සා තාම නිදි........
ටවල් එක පිටින්ම ගිහිල්ලා ඌව නැගිට්ටුවා.........
මේකාව පුංචි කොහොම ඇහැරවනවාද මන්දා.
YOU ARE READING
~ පිනිපොද ~ (Completed)
Literatura Faktuනපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending My second story and First Nonfiction...... Begin- 2023.10.26 End-