~හතලිස් හතරවන පින්න~

837 131 30
                                    

Vote goal-  70

Comment goal- 50

............................................................

ආදිත්‍ය pov,

සීගිරි ගල බැහැලා එන ගමන් ඉස්සරලම අයිස්ක්‍රිම් කෑවා......

ඊට පස්සේ ආයම අන්නාසියි , පේර, අඹ , වෙරලු අච්චාරු කෑවා.......

එතනම සෑහෙන ගානක්......

ආය ඉතින් කන්න බැරි මිනිස්සු ඈ ඉන්නේ මෙතන......

ඒකටම හරියන්න හර්ශලාගේ අම්මා.......

ඩොක්ටර් උනාට හරී ශෝක්.......

ආ...........

කියන්න අමතක උනානේ.....

අර ගල බැහැලා එද්දී මනුස්සයෙක් ඉන්නේ නයෙකුයි පිඹුරෙකුයි තියාගෙන....., අපේකීට ඒ පිඹුරාව කරේ දාගෙන ෆොටෝ ගහන්න ඕන කිව්වා......

ඉතින් බෑ කිව්වාට අහයි ඈ අපේකී......

සල්ලි දීලාම ගැහුවා ෆොටෝ......

ආය නෑ ගගනගේ මූන බලු පුක වගේ......

එයා විතරයි ෆොටෝ ගැහුවේ , අනික් අයට බෑ කිව්වා..........













" ඔන්න ඔතනින් වෑන් එක දාපන්... කට්ටිය කෑම අරගෙන බහින්න..."

උදේ ලොකු අම්මා ඔතලා දුන්න කෑම පාර්සල් ටික අරගෙන අපි වෑන් එකෙන් බැස්සා.......

එපා කියද්දිම තමා ලොකු අම්මා මහා පාන්දර නැගිටගෙන උයලා තියෙන්නේ..., ලොකු තාත්තාගේ හේනෙන්ම කෙහෙල් කොලත් කපාගෙන එයා කෑම පාර්සල් කරලා තිබ්බා.......

අම්මෝ.......... සුවද...........

" ඔතනින් ඇතුලට වෑන් එක දැම්මාට හරවගන්න තැනක් නෑ.. මෙතන් දාලා යමු ඒ හින්දා..."

"ඔව්නේ.... පොඩි පාරක්නේ... අවුලක් නැද්ද පාර අයිනේ දාලා යන එක..?"

" නෑ නැ....... කවුරුත් උස්සන්නෑ බං. කොළඹ නෙවෙයිනේ මේ.... ලොක් කරලා යතුර ගනින්..."

පංචිකාවත්ත නෙවෙයි නේ ඉතින් මේ..... හින්දා නෝ වොරීස්...........

" මේ පාරේ මීටර් එකසීය පනහක් දෙසීයක් වගේ යද්දී වැවක් හම්බෙනවා......... වැව් බන්ට් එකේ කමු...... අනික වැඩිය මිනිස්සු යන්නේ එන්නෙත් නෑ මේ පාරේ....... මේ ටෙන්ට් එක දාගෙන ඉදගන්න පුලුවන්නේ..."

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now