~පනස් පස් වෙනි පින්න~

392 95 25
                                    

අද නම් කරන්න ලොකු වැඩක් නෑ........

පොඩ්ඩක් වත්ත පිටිය සුද්ද කරලා දාන්නෝන.......

වියදම් කරන්න සල්ලී ඕන තරම් දෙන්න පුලුවන් , හැබැයි මං වත් පොඩි වත් ඔය දාන මාන කටයුතු ගැන වැඩිය දන්නෑ......

ඉදල අරගෙන ගේට්ටුව ගාව ඉදන් අතුගාන්න ගත්තා...........

තැන තැන ශොපින් කෑලි , පත්තර කෑලි....

මාලා නැන්දිලාගෙයි අපේ ලොකු අම්මලාගෙයි ගෙවල් තියෙන්නේ අතේ දුරින්.....

මේ දවස් ටිකේම කෑම හැදුවේ එහේ......

එකම මිදුලේ වගේ තියෙන්නේ ගෙවල් දෙක.......

මං බලාගෙන පොඩී නම් උදෙන්ම ගිහිල්ලා ඒ පැත්ත අස් කරල ආවා.....

වවපු තනකොල ටික පෑගිලාම මැරිලා ගිහිල්ලා...........

අතුගාන්න කලින් වතුර ටිකක් අල්ලන්නෝන පැල ටිකට........ අනික දූවිලි හින්දා නිකන් අතු ගාන්න බෑ.......

ගත්තු ඉදල එහෙම්මම තියලා වතුර බටේ හොයන්න ගියා......

ගේ පිටිපස්සෙ තිබ්බ බඩු ගබඩාවේ තිබ්බ වතුර බටේ අරන් මං ඉස්සරහට ආවා....

කොහොඹ ගහටම බැදලා හදලා තිබ්බ ටැප් එකට බටේ ගහලා......, මුල්ලක ඉදන් තිබ්බ හැම පැලේකටම වතුර අල්ලන් ආවා......

මේ ටිකේ වැස්සකුත් නෑ....... අනික ලොකු අම්මාට මල් බලාගන්න වෙලාවක් කොයින්ද.........

තාම විකාරෙන් වගේ ඉන්නේ එයා.......

මොනදේ උනත් එයා ලොකු තාත්තාට ආදරේ කරා.........

ඉතින් දරාගන්න අමාරු ඇති............

ජීවත් වෙලා ඉද්දිම දාලා ගිය එක දරාගන්න බැරුව මං විදපු දුක දන්නේ මං විතරයි, ඉතින් එහෙව් එකේ මැරිලාම ගියාම ඒ දුක කොහොමද දරාගන්නේ.......

මං නම් මැරිලා යයි එහෙම උනොත්.......

පිටට පේන්න කොච්චර නපුරු උනත් මාත් සාමාන්‍ය හදවතක් තියෙන මිනිහෙක්.......

හැබැයි ගොඩක් උන්ට ඒක අමතක උනා.......



පැයක් විතරම තනකොල වලටයි මල් වලටයි හොදට වතුර දැම්මා.......

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now