~පනස් එක්වන පින්න~

1.1K 148 31
                                    

Adithya pov,

Airport එකෙන් එලියට ආව මං එහෙම්මම අතේ තිබ්බ ෆෝන් එක ඔන් කරලා වෙලාව බැලුවා.........

14.25..........

F*ck...........

Australian time එකනේ මේ.........

පැය හතර හමාරයි වැඩි...........

ඒ කියන්නේ......, දැන් වෙලාව 9.55 යි........

දැන් නම් දිලුම් ඇවිල්ලා ඉන්නෝන............

වටේම බල බල මං එලියට ආවා.........

කොහෙද මූ............?

වැඩි වෙලා ඉන්න උන්නෑ............

ඔය එන්නේ...............

"ලොකූ...................... "

මට ඉතින් ලොකූ කියලා කතා කරන්න වෙන උන් මේ airport එකේ නෑනේ........

මං ඒ කට හඩ ඇහුන පැත්තට හැරුනා.......

අම්මේ................... මූ වෙනස් වෙලා..........

දුවගෙන ඇවිල්ලා........ , පැනලා බදාගත්තා මූ මාව...........

තව පොඩ්ඩෙන් දෙන්නාම බිම.........

" හු#තෝ........ උබ වෙනස් වෙලා බං...... තව හැන්ඩ්සම් වෙලා උබ........ "

මාව ඈත් කරපු දිලුම් මගේ මූන දිහා ටිකක් බලන් ඉදලා කිව්වේ ඕක තමා..........

" සිරාවටම....... උබත් එහෙම තමා..... හර්ශයාට පිස්සු වගේ ඇති....... හර්ශ කියද්දී මතක් උනේ...... කෝ කොල්ලා....? ආවේ නැද්ද...?"

"ආවා බං. කන්න මොනා හරි ගන්න කියලා ගියා........ දැන් එයි....... යමන්කෝ එලියට ඉස්සර වෙලා........"

මං වැටුන බෑග් ටික කෙලින් කරගත්තා.......

" මොනාද බං ඔච්චර ගෙනාවේ?...... ආයම යන්න නෙවෙයිද ආවේ...? අඩෝ එහෙනම් මරු ඈ....."

" පිස්සුද බං....... ලොකු තාත්තාට හොද උන ගමන් මං යනවා....... ඔය බෑග් වල කෑම ජාති තියෙන්නේ.... ගමේ පොඩි උන්ට ගෙනාවෙ...."

" මෙච්චර.........?"

" නෑ නෑ...... පොත් පත් වගේකුත් තියෙනවා............."

" හරි හරි යමන් එලියට........."

Airport එකෙන් එලියටම ඇවිල්ලා දිලුම්ගේ වෑන් එක ලගට ආවා........

ඔව් ඔව්........ උගේ වෑන් එක.......

මූ මෙහෙම හිටියාට ඩොකෙක්...........

~ පිනිපොද ~ (Completed)Where stories live. Discover now