මාත් එක්ක කතා කරලා ඉවර වෙලා සුදී එයාගේ room එකට ගියා.මම එවෙලේ ඉදන්ම කල්පනා කලේම thashi ගැන ඒ ලමයා එච්චර දුර හැමදාම යනවා එනවා. office එකෙත් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වුනත් ඒ මුනේ තියෙන හිනාවේ නම් කිසි දවසක අඩුවක් නෑ.හිතුවත් පුදුමයි.
"සුදී මේ ලගින් හොද බොඩිමක් බලපන්" lunch එක ගන්න ගමන් මන් සුදීට කිව්වා.
"කාටද?" " thashiට බන්" "අර මොකටද?"
"එයා ඉන්න බොඩිමට office එකේ ඉදන් ගොඩක් දුරයි.යන්න එන්නම පැය 3ක් විතර යනවා.පව් ඒ කෙල්ලට මගටම කාලේ ඉවරයි."
"ඉතින් ඔච්චරටම උඹ ඒ කෙල්ල ගැන හිතනවා නම් ගිහින් එ කෙල්ලව උඹගේ ගෙදර නවත්තගන්න."
"ආ එකත් ඇත්තනේ ..අපරාදේ බෝඩිම් හොයන්නේ ..මගේ ගෙදර ඉන්නේ මන් විතරයිනේ.එයාට ඉන්න පුලුවන්නේ . thanks බන් කිව්වාට."
"ඕයි ඕයි මන් joke එකක් කලේ.. දැන් උබ සිරාවටම ඒ කෙල්ලව ගෙදර නවත්ත ගන්නද හදන්නේ ?"
"ඔව් ඇයි? ප්රශ්නයක්ද?.."
"නෑ නෑ මට ප්රශ්නයක් නෑ.. ඒත් office එකේ අය දැන්ගත්තොත් හරි නෑ නේද?.."
"හරි ඉතින් කවුද office එකේ අයට කියන්නේ.?? "
"හරි හරි උඹට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න.. මුලින්ම ඒකිගෙන් අහලා ඉදපන් කැමතිද කියලා.."
"ඔව් මන් අහලා බලන්නම්"
හවස meeting එකෙන් පස්සේ මම thashita මගේ room එකට කතා කලා.
"thashi මන් දෙයක් කියන්නම් එකට ඔයාගේ අදහස මොකද්ද කියලා දැනගන්න ඕනේ හැබැයි වැරදියට තේරුම් ගන්න එපා හරිද.."
"miss මේ මොකක් ගැනද කතා කරන්න හදන්නේ.."
"ඔයාට මන් නවතින්න තැනක් බැලුවා..අලුත් බොඩිමක්.."
"මට..." "ඔව් .ඔයාට.."
"අනේ ඇයි miss එකට කරදර වුනේ.."
"මොන කරදරයක්ද ලමයො මට එක .. මගේ office එකේ වැඩ කරන අය ගැන මන් හිතන්නේ නැතුව වෙන කවුරු හිතන්නද?"