"ඇයි සුදු මේ.."කියන ගමන් මාත් gate එක දිහා බැලුවා.එතකොට තමා මාත් දැක්කේ කවුද එතන ඉන්නේ කියලා..
ඒ අර ඊයේ වාතයක් වුන එකා.
"සුදු ඔයා නගින්න... එයාට ඇතුලට එන්න බැනේ.. අපි යන්.."
"හරි.."එයා car එකට නැග්ගා.
මන් දොර වහලා ඌ දිහා බලලා අමුතු හිනාවක් දාලා මාත් ඇවිත් car එකට නැග්ගා.අපි gate එකට ලගින් car එක එලියට දානකොටම මේ මිනිහා වාහනේ ඉස්සරහට ආවේ ජීවිතේට ආසවක් නැ වගේ. තශි බය වුන පාර එක පාරටම මගේ අතින් අල්ලගත්තා.මන් ඉක්මනට break කරලා වාහනේ නවත්තගත්තා.මේ මිනිහා මගේ side එකට ඇවිත් ජනේලේට තට්ටු කලා.මන් screen එක පහලට දැම්මා.
"පිස්සුද මිනිහෝ.. මැරෙන්නද හදන්නේ.. මැරෙනවා මැරෙනවා වෙන වාහනේකට පැනලා මගේ වාහනේට පනින්නේ නැතුව.."
"ඔව් දැන් මට මැරෙන්න තමා වෙන්නේ.. මරාගෙන මැරෙන්න වෙන්නේ.."
"ඉතින් තමුසේ කොහේ හරි ගිහින් මැරෙනවා ඕයී අපිට මොකද..ඇයි මෙහෙම මිනිස්සුන්ට වද දෙන්නේ..."
"miss මන් ඊයෙත් කිව්වානේ.. මේක මගේ තශිගෙයි කතාවක් කියලා ඇයි miss මැදට පනින්නේ.. අනික miss කවුද මෙයාගේ.. අක්කාද.. අහා.."
"මන් එයාගේ කවුරු වුනත් ඔයාටත් වැඩක් නැ කියලා මාත් ඊයේ කිව්වානේ..."
"miss මට ඔයා එක්ක කිසි කතාවක් නැ..තශී මන් කියන දේ අහන්න මන් ඔයාට කැමති.. ඇයි මට කැමති වෙන්න බැරි ඔයාට.."
"මිනිහෝ එයා දැන් කීපාරක් කිවුවාද ඔයාට එයා ඔයාට කැමති කියලා ඇයි එයාට වදදෙන්නෙ..."
"miss මන් එක පාරක් කිවුවා.. මට ඔයා එක්ක කතාවක් නැ... කටවහගෙන පැත්තකට වෙලා ඉන්නවාද.. තශි මෙයාට කියන්න පොඩ්ඩක් කටවහගෙන ඉන්න කියලා මන් මේ අන්තිම වාතවට හොදින් කියන්නේ..."
"අයියේ එයා කිවුවේ ඇත්තනේ ඔයාට මන් කිවුවානේ මන් ඔයාට කැමති නැ කියලා ..අනික මට කෙනෙක් ඉන්නවා. මන් එයාට ගොඩක් ආදරෙයි.. ඒක නිසා ඔයා අමතක කරන්න ඔයා කොච්චර මගේ පස්සේන් ආවාත් වැඩක් නැ මොකද මන් කවදාවත් එයාව අතාඅරින්න ලැස්ති නැ.."තශි මගේ අතින් අල්ලගෙනම කිවුවා.