උදේ 7 වෙද්දි මම ලැස්ති වෙලා ඉක්මනට ඔ එකට වෙනදාට නැති ලොකු උනන්දුවකින් , ඒ එයාව බලන්න. දැන් තේරෙනවා යාළුවෝ කිවුව වෙනස මෙයාම තමා කියලා දැන් නම් තේරෙනවා. මොනදේ වුනත් මේ හිතේ තියෙන්නේ ආදරයක්ද ආකර්ශනයක්ද කියලා තාම මට හිතාගන්න බැ.
උදේම office එකට ගියපු මන් මුලින්ම හෙව්වේ ඒ ඇස්. office එක පුරාම හෙව්වත් මට එයාව හොයාගන්න බැරි වුනා. මගේ හිතට මොකද්දො අමුත්තක් දැනුනා.
"ශක්ති,thashi ආවේ නැද්ද තාම?"
"නෑ තාම ආවේ නැ. ඇයි මොකක් හරි හදිසියක්ද?කියන්න මන් කරලා දෙන්නම්"
"නෑ නෑ .මන් දැකපු නැති නිසා ඇහුවේ."
"ok mam"
මන් මගේ room එකට ගියේ දිගු හුස්මක් හෙළන ගමන් ගියා.room එකට ගිහින් වැඩක් කරන්න හිත හදාගන්න මතක් වෙන්නේ එයාවමයි.හිත හදාගෙන ආයෙත් lap එකට හිත යෙදෙව්වා.
"thashi"
"ඔව් ශක්ති අයියේ"
"අද miss ආපු ගමන් ඔයාව ඇහුවා."
"මාව" " ඔව්"
"වැඩකටද දන්නේ නෑ."
"දන්නේ නෑ. දැකපු නැති නිසා ඇහුවේ කිවුවා"
"අහා එහෙමද.. හරි මන් ගිහින් බලන්නම්කෝ .කොහොමත් මේ file ටික දෙන්නත් ඕනේ. මන් ගිහින් එන්නම්."
thashi මගේ room එක ලගට ඇවිත් knock කලා.
"mam, may i coming?" "yes coming"
ආවේ කවුද කියලාවත් බලන්නේ නැතුව මම lap එකට මුන ඔබාගෙනම කතා කලා.
"yes කියන්න"
"good morning mam, උදේ mam මාව හොයලා තිබුනා,"
thahiගේ කටහඩ ඇහෙද්දිම මගේ ඇග හීතල වෙලාගියා. lap එකට මුන ඔබන් හිටපු මම එකපාරට එයා දිහා බැලුවේ හරියට වෙඩිල්ලක් තිබ්බා වගේ. වෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව හිටපු මන් ගාවට එයා ඇවිල්ලා හිටගත්තේ හරියට සුරංගනාවියක් වගේ.