නිදාගන්න ඇදට ආපු මන් එයාව මන් තුරුල් කරගත්තේ මන් මේ වුන කිසිදෙයක් තේරුම් ගන්න බැරි නිසායි.මට හිතෙන්නේම office එකේදී මොකක් හරි වුනා කියලාමයි. ඒත් මෙයා මට කිසි දෙයක් කියන්නේ නැ .
"සුදූ මොනද ඔයා ඔච්චර කල්පනා කරන්නේ.."
"අද වෙච්ච දේවල් ගැන කල්පනා කරන්නේ.."
"අනේ මොකද්ද සුදූ මිනිස්සු අසනීප වෙනවා..ඕක ඔච්චර හිතන්න දෙයක් නැනේ..බලන්න මට දැන් කිසි ප්රශ්නයක් නැනේ.."
"හ්ම්ම්..." එයා මගේ ලගට තවත් ආවා.මාත් එයාගේ ඔලුව අතගාන්න ගත්තා.
"සුදූ මේ අහන්නකො..මට නිවාඩුවක් ඕනේ..."
"නිවාඩුවක්...."
"ඔව් මට ගෙදර ගිහින් එන්න ඕනේ..."
"ගෙදර යන්න ... තනියම...."
"ඔව්.."
"ඇයි මේ එකපාර ..ඒකත් තනියම....අපි කොහොමත් ලබන සතියේ යන්නනේ හිටියේ.."
"ඔව් මන් දන්නවා..ඒත් මට යන්න ඕනේ කියලා හිතුනා.."
"හරි ඔයාට ඔච්චරටම යන්න ඔනේ නම් අපි යමු ඉතින් ..."
"නැ මට තනියම යන්න පුලුවන්..."
"මොකද්ද කියන්නේ..ඇයි ඔයා තනියම යන්නේ....මන් එක්කන් යන්නම් ඔයාව..."
"නැ ඔයාට වැඩ තියෙනවානේ.. මන් යන්නම්..."
"ඉතින් මොකද වෙන්නේ කොච්චර වැඩ තිබ්බාත් මන් ඔයා එක්ක එනවා..ඔයාට මොකද්ද මේ එකපාර වුනේ..අහා.."
"මොකුත් නෑ අනේ...හරි දැන් නිදාගන්න ..."
"නැ මට කියන්න මොකද්ද් වුනේ.. හැබැයි ඔයා මට කිවුවේ නැත්තම් මන් ඔයා එක්ක ආයෙත් කතා කරන්නේ නැ..."
"සුදු පොරොන්දු වෙන්න කෙන්ති ගන්නේ නැ කියලා..."
"හරි පොරොන්දු වෙන්නම් කියන්නකෝ.."
"ඔව් අද office එකේදී පොඩි දෙයක් වුනා. ඊයේ අපි දෙන්නා dinner out එක ගියපු එක කලන දැකලා.එයා ඒක අද office ඇවිල්ලා හැමෝටම කියලා.දවල් lunch එක ගන්න ගියපු වෙලාවේදී එතන හිටපු කට්ටිය ඕක ගැන මට ඇහෙන්න කතාවුනා.මන් ඇහුනේ නැ වගේ එන්න හදනකොට සයුමි මන් ඉස්සරහට ඇවිල්ලා කිවුවා ලොකුවට හිතන් හිටියාට ඕවා කවදාවත් වෙන දේවල් නෙවෙයි ඒක නිසා ඔය ඉන්න හීන ලොකෙන් බැහැලා පියවි සිහියට එන්න. මට කවදාවත් ඔයාව අයිති වෙන්නේ නැ කියලා.. මට ඒ වෙලේ පුදුම දුකක් දැනුනා..මට හිතුනා ඒක එහෙම වෙයිද කියලාත් ...හැබැයි මට මන ගැනම කෙන්තියක් ආවා ..මොකද මන් ඒවෙලේ ඔයා ගැන හිතුවේ නැ ..ඊට පස්සේ මට ඒ ආපු කෙන්තියට මන් එයාට බනින්න හදනකොට එතනට අසන්ක අයියා ඇවිල්ලා කිවුවා එහෙනම් ඒකලු කොච්චර කොල්ලො මන් වටේ කැරකුනත් මන් කැමති වුනේ නැත්තේ..මොකද හොද ලොකු අත්තක් අල්ලන් ඉන්න හින්දාලු..අනික මන්............"