දින සති මාස විදියට කාලය හරි ඉක්මනට ගෙවිලා ගියේ අපිටත් නොදැනෙන්නමයි. office එකේ කාටත් හොරා ආදරේ කරනවා කියන එක අපිට හරි අමාරු දෙයක් වුනේ අපි දෙන්නාට දෙන්නා නොදැක ඉන්න බැරිම නිසායි.කොහොම වුනත් හරි පරිස්සමට කාටත් නොදැනෙන්න අපි ආදරේ කලා.කාලය හරි ඉක්මනට ගතවුනත් එයා ලගින් ඉන්න දවසේ පැය 24ත් මට මදී මගේ කියලා හිතෙන තරමටම මන් එයාට ඇබ්බැහි වෙලාදෝ කියලාත් වෙලාවකට මට හිතුනා.අපේ ආදර කතාව පටන් අරන් දැනට මාස 6ක්. මේ මාස 6ට අපි අමතක නොකර කරපු එක දෙයක් තියෙනවා.හැම මාසේම එක weekend එකක් තශිගේ ගෙදර ගිහින් අම්මායි, තාත්තායි, මල්ලියි එක්ක ඉදලා එන එක නම් අපි වරද්දන්නේ නැතුව කලා.
පොරොන්දු වුන විදියටම අපි හැම weekend එකේම කොහේහරි ගියා . එයාව outings, dates එක්කන් යන්න මන් දෙපාරක් හිතුවේ නැ. මේ හැමදේම දිහා හරි ආදරෙන් එක්කෙනෙක් බලාගෙන හිටියා ඒ වෙන කවුරුත් නෙවෙයි මගේ හොදම යාළුවා ..සුදී...එයා තරම් මන් දිහා බලලා සතුටු වෙන කවුරුත් නැතුව ඇති මේ ලොකේ..
"මන් කිවුවානේ උබට ... උබට කවදාවත් වරදින්නේ නැ කියලා අනික උබ තනිවෙන්නේත් නැ කියලා.."
"උබ හිටියේ නැත්තම් මන් කොහොමත් මෙතන නැ..අනික උබ නොහිටින්න තශිත් අද මන් ලග නැ... උඹට කොහොම thanks කරන්නද කියලා මට හිතාගන්න බැ බන්.."
"අනේ අනේ මේ උඹේ ඔය රෙද්දේ thanks එක තියාගෙන තො වාඩිවෙයන් ..."
"හරි හරී..."
"හරි දැන් කියපන් උබලාගේ monthly anniversary එකට මොකද්ද උබ කරන්න හදන්නේ මේ පාර.. ගිය පාර ඔය දෙන්නා මාවත් උස්සගෙන ගියා මෙදා පාරත් එහෙම අදහසක් තියෙනවා නම් ඒක දැන්ම අයින් කරගන්න.."
"ඇයි උබට මොකද බැරි අපි එක්ක යන්න එන්න...අහා..."
"අනේ මේ මට බැ .. couple එකක් එක්ක ගිහින් මන් එතනට උඩ බලන් ඉන්න එපැයි..හරි දැන් කියපන් උබ gift එකක් ගත්තාද..."
"ඔව් ගත්තා.. මන් promise ring දෙකක් ගත්තා .."
"ඒක හොදයී..මොලේ ඇති වැඩක් කරලා..ඒත් කොයි වෙලේද උබ ඕක ගත්තේ උබලා දෙන්නා කොයි වෙලෙත් ඉන්නේ එකටනේ.."
![](https://img.wattpad.com/cover/361143874-288-k889962.jpg)
STAI LEGGENDO
මායාවි.❤
Storie d'amoreජිවීතේ කියන්නේ මහා පුදුම දෙයක්.. එ වගේම ආදරේ කියන්නේම මායාවක්.