දාහතරවන කොටස

31 5 1
                                    

එයාගේ බෙල්ල ලගින් ඔලුව තියාගෙන අඩන මන් දිහා එයා හරි ආදරෙන් බලාගෙන ඉන්න ගමන් මගේ ඔලුව අතගැවා.අම්මාත් මගේ එහාපැත්තේ වාඩිවෙලා මගේ මගේ අතින් අල්ලගෙන හිටියා.ටික වෙලාවක් එහෙම හිටපු මන් නැගිටලා එයා දිහා බැලුවා.මාත් එක්ක හිනාවුන එයා තාත්තා ගෙනල්ලා දුන්න වතුර එක අරගෙන මට දුන්නා.වතුර එකත් බිපු මන් ආයෙත් කොප්පේ එයාට දීලා අම්මායි, තාත්තායි දිහා බැලුවා.

"පුතේ ඔයාට අම්මායි තාත්තායි මතක් වෙන ඕන වෙලාවක මටයි තාත්තාටයි කතා කරන්න හරිද.." මගේ අම්මා පැත්තට හැරිලා අම්මාව බදාගත්තා.

"ඔව් පුතේ.. මායි අම්මායි ඉන්නවා ඔයාට .. හරිද.."තාත්තා කිවුවා.

"thank you අම්මේ thank you තාත්තේ .. මාත් එක්ක ඉන්නවාට.."

"අපිට පුතාත් අපේ දරුවෙක් වගේ තමා.."

"මන් දන්නවා .. මටත් ඔයාලා දෙන්නා මගේම අම්මායි තාත්තායි වගේ තමා..."

"එහෙම වෙන්න එපැයි.."අම්මා එහෙම කියද්දී මන් ටිකක් විතර පුදුම වෙලා අම්මා දිහා බැලුවේ මෙයා අපි ගැන කියලාද කියන සැකෙන්.

"හරි හරි පුතේ ඔයාලා දෙන්නා ගිහින් පොඩ්ඩක් විවේක ගන්නකෝ. දැන් අඩලා මහන්සිත් ඇතිනේ.."හිනාවක් දාන ගමන් තාත්තා කිවුවා.

"නැ ඕන නැ මන් හොදින් තාත්තේ..."

"හා එහෙනම්.. ඔයාලා අම්මා එක්ක ඉන්න මන් පොඩි වැඩ වගෙයක් තියෙනවා ඒකට ගිහින් එන්නම් ..හවස් වෙලා ඔනේ නම් නුවර වැව පැත්තේ යන් .. හෙට උදේට පුලුවන්නේ.. මාලිගාවට යන්න..."

"ඒක හොදයි..ඔයා දවල් වෙන්නේ නැනේ ඔයා එන්න.."

"කියන්න බෑ ඉතින් කුඹුරේ වැඩ තත්වේ බලලා එපැයි ගෙදර එන්න.."

"හරි එහෙනම් කන්න එන්න වෙන්නේ නෑ වගේ නම් කියන්න කෑම එකක් අරන් එන්නම්.. හරිද.."

"හා හා මන් යනවා එහෙනම්.."

"පරිස්සමට ගිහින් එන්න තාත්තේ..." "පරිස්සමට ගිහින් එන්න තාත්තේ..."

අපි දෙන්නාම එකට කිවුවා. ඒ එක්කම මුනට මුන බලාගත්ත අපි දෙන්නාටම හිනාගියා.අම්මාත් මේ දේවල් දිහා හරි ආදරේන් බලන් ඉදලා කුස්සියට යන්න ගියා.

මායාවි.❤Tahanan ng mga kuwento. Tumuklas ngayon