"සුදී annual trip එක plan කරන්න ඕන.."
"ඔව්මයි ගිය අවුරුද්දේ යන්නත් බැරි වුනානේ මේ අවුරුද්දේ නම් කොහොමහරි යන්න ඕන.. මන් කරන්නම්.."
සුදී trip එක නුවරඑලියේ යන්න plan කරගත්තා.
"ඔයා trip එක යනවානේ..?" thashi කෑම හද හද හිටපු තැනට ගියපු මම එයාගෙන් ඇහුවා..
"ඔව් මම යනවා. මන් හරි ආසයි නුවර එලියෙ යන්න.."
"එහෙමද..ඒකත් හොදයි එහෙනම් .."
"hmm ..කෑම හරි කාලා ඉමු.. එන්න.."
"හා කමු බඩගින්නේ තමා හිටියේ..."
"එන්න."
සාගරි anuty ආවත් ගෙදර අපිට කෑම හදන එක එයා නැවත්තුවෙ නෑ. සාගරි anuty එක්ක රන්ඩු කරලා කොහොම හරි උයන වැඩේ එයා බාරගත්තා.
දවස් ගෙවිලා trip එක යන දවසත් ආවා. හැමොම bus එකට නැගලා වාඩි වුනා. මායි, සුදීයි, thashiයි, අසේලයි විතරයි තාම නැගලා නැත්තේ.
"thashi එන්න අපිත් නගිමු."
thashi ගේ අතින් අල්ලගත්ත අසේල bus එකට නගින්න ලැස්තිවුනා.මේක දැකපු මට කෙන්තිගියා.අසේලගේ අත ගසලා දාපු thashi,
"ඔයා යන්න මන් එන්නම්.." කියලා පස්සට ඇවිත් මගේ ලග හිටගත්තා. මට ඒවේලේ එ දේට සතුටක් දැනුනත් ඊට වඩා අසේල එක්ක තරහක් තිබ්බා.
"මෙන්න මෙහේ වරෙන් බන් අපි නගිමු" කියගෙන සුදී අසේලගේ කරට අතදාගෙන bus එකට ගොඩ වුනේ මට ඇහැක් ගහන ගමන්මය.
ඊටපස්සේ එයාත් මගේ අතින් ඇදගෙන bus එකට නැග්ගේ හරියට පොඩි එකෙක් වගේ.අපිට වාඩි වෙන්න ඉතුරු කරලා තිබ්බේ මුල්ම sheet එක හිත හදාගෙන තිබුනු sheet එකෙන් වාඩිවුනු අපි දෙන්නාත් ගමන යන්න පිටත් වුනා. ගමන යන්න පිටත් වුන වෙලේ ඉදන් කට්ටිය හරි සතුටින් විනොදෙන් කාලය ගතකලා.
පැය කිහිපයක දීර්ඝ ගමනකින් පස්සේ අපි නුවර එලියට ලගා වුනා.
"හැමෝම බහින්න අපි hotel එකට ආවා ඔන්න.."
සුදී මෙහෙම කියන ගමන් මගේ කකුල පැගුවේ දන්නේම නැතුව අපි දෙන්නාට නින්ද ගිහින් තිබ්බ නිසා.කකුල පාගපු එකේ තරම කොච්චරක්ද කියනවා නම් මාව උඩ ගිහින් ඇහරුනේ මගේ උරහිස උඩ නිදාගෙන හිටපු අර ලමයාවත් ඇහැරවගෙන..