ගෙදර ආපු අපි කෑම කලා නිදාගන්න ලෑස්ති වුනා. හවස වෙච්ච සිද්දිය ගැන අහන්න මට වුවමනාවක් තිබ්බාත් මන් අහන්න ගියේ නැත්තේ තශිගේ හිත රිද්දන්න බැරි නිසායි.එයාටත් ඒක ගැන කතා කරන්න තරම් ආසාවක් තිබ්බේ නැ කියන්න මන් එයාගේ මුනේන් දැක්කා.
"සුදු අපි නිදාගමු..."
"හ්ම්ම්..සුදු ඔයාට නිදිමතයිද...?"
"හ්ම්ම් .. ලොකු නිදිමතක් නැ ...ඇයි සුදු... ?"
"නැ මට දෙයක් කියන්න ඕනේ...."
"හවස වෙච්ච සිද්දිය ගැනද ඔය කියන්න හදන්නේ...."
"හ්ම්ම්...."
"මට නම් ඒක ගැන කතා කරන්න ලොකු වුවමනාවක් නැ .... "
"ඇයි ඒ....."
"මට ඔයාව විශ්වාසයි.... "
"සුදු..."එයා ඇස් දෙකේ කදුලු පුරොගෙන මගේ ලගට ඇවිත් තුරුල් වුනා.
"අනේ මැණිකේ අඩන්න එපා ඉතින්.. මන් අඩන්න තරම් දෙයක් කිවුවේ නැනේ..." එයාව තුරුල් කරගන්න ගමන් කිවුවා.
"ඔයා දන්නවාද... එයා ඉස්සර හැමදාම වගේ office ඉවර වෙන time එකට office එක ලගට එනවා... මන් බොඩිම 3 පාරක් වෙනස් කලා ඔය මනුස්සයාගෙන් බේරෙන්න..."
"ඇයි මට ඕක ගැන කලින් කිවුවේ නැත්තේ..."
"එයා මන් මෙහේට එන්න කලින් හිටපු තැන දැනන් හිටියේ නැ කාලයක් එයාගෙන් වදයක් තිබ්බේ නැ.. මන් හිතුවේ එයා දැන් මට වදදෙන එක නවත්තලා කියලා.. අද එතනදී මන් එයාව දැක්ක ගමන් මන් බය වුනා.. කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මන් හිටියේ..."
"ඔයාට මන් ලගට එන්න තිබ්බානේ.. ඇයි ඌ එක්ක කතාවට ගියේ.."
"මන් කතා කලේ නැ.... මන් එන්න හදනකොට එයා මගෙන් අතින් අල්ලගත්තා. මන් අත ගසලා දාලා ඔයා ලගට එන්න හදනකොටම එයා මගේ නම කියලා කෑගහන්න ගත්තා. මන් බයට නතරවුනා එතන. ඊට පස්සේ තමා ඔයා ආවේ.."
"එයා කොහේ කෙනෙක්ද.. ඌව කොච්චර කල් ඉදන් දන්නවාද..."
"මන් දන්නේ නෑ එයා ගැන ලොකුවට මන් office එකේ වැඩට ඇවිල්ලා මාසයක් විතර යද්දී තමා එයා මගේ පස්සේන් එන්න ගත්තේ..පස්සේ පස්සේ වදදෙන එක අඩුවුනා .. මන් හිතුවේ නැ ආයිත් එයාව දකින්න හම්බ වෙයි කියලා...අනේ සුදු මට බයයි.."