දහතුන්වන කොටස

52 5 1
                                    


උදේම නැගිටපු අපි දෙන්නා ලැස්තිවෙලා කාමරෙන් එලියට ආවේ අම්මා මොකද කරන්නේ බලන්න.මගේ අතිනුත් අල්ලගෙන මෙයා කුස්සියට ගියා,

"අම්මා... "

"අනේ පුතාලා නැගිට්ටාද..ඉන්න මන් තේ හදලා ගන්නම් නැගිටින්න පරක්කු වෙයි කියලා හිතලා මන් ඉතින් තේ හැදුවේ නැ..."

"අම්මා ඔහොම ඉන්න මන් හදන්නම් .. "

"අහා එහෙනම් හදාගන්නකෝ...."

අම්මා ඒ වෙනකොට උදේට කන්න මොනහරි හදන ගමන් හිටියේ,අම්මා ලගට ගියපු මන් ,

"මොනද අම්මේ ඔයා ඔය හදන්නේ..?"

"මන් මේ උදේට පාන් කන්න පරිප්පු හොද්දක් හැදුවා පුතේ."

"ආහා තාත්තා කෝ දැක්කේ නැනේ.."

"තාත්තා ගියා පාන් ගෙන්න කඩේට පුතේ..

"අහ්හා"

අම්මා එක්ක කතාකරන ගමන් කුස්සියේ දොරින් එලියට බැස්සා.වටපිටාව හරිම ලස්සනයි, හරිම නිදහස්.

"අහා මෙන්න ඔයාගේ තේක.." අපි දෙන්නාගේ තේ දෙකත් අරන් එලියට බැහැපු තශි මන් ලගට ඇවිත් හිටගත්තා.

"thank you සුදු..."

"සුදු අම්මා ඉන්නවා " හිමින් මගේ කනට කරලා කිවුවා

"අහා sry sry අමතක වුනානේ පුරුද්දට කියවුනේ.."

"හරි හරි ඒකට කමක් නෑ. කොහොමත් මන් අම්මාත් එක්ක මේක ගැන කතා කරනවා ."

"hmm ඔයාට හොදයි කියලා හිතෙන දෙයක් කරන්නකෝ.."

"hmm මන් යනවා ඇතුලට ඔයා එනවාද..?"

"ඔයා යන්න මන් සුදීට call  එකක් අරගෙන එන්නම්.."


"ආහා.. මන් එයාව මතක් කලා කියන්න. එද්දී මන් ගෙන්න කිවුව ඒවා ගෙන්න කියන්න.."

"මොනද එයාට ගෙන්න කිවුවේ.."

"ඒක අපි දෙන්නාගේ වැඩක් ඔයා පන්ඩිතයා වෙන්නේ නැතුව කිවුව එක කියන්නකො."

"මෙයා බලන්නකෝ එයා මගේ යාලුවා හරිද.."

"ඉතින් මොකද ඔයාගේ මගේ කියලා දැන් දෙකක් නෑනේ.."

මායාවි.❤Tempat cerita menjadi hidup. Temukan sekarang