ඉක්මනට ලැස්තිවුන අපි දෙන්නා අපේ බ් දෙකත් ලැස්ති කරගත්තා.එත් මට නම් මෙහෙන් යන්න ලොකු වුවමනාවක් තිබ්බේ නෑ.
"සුදු මට නම් යන්න බෑ වගේ ගෙදර.."
"ඇයි..?"
"මෙහේ හොදයිනේ..බලන්නකෝ සීතලේ අපිට තුරුල් වෙලා ඉන්න පුලුවන්නේ.."
"හොදට තියෙයි එතකොට office එක ..අනික අපි දෙන්නා ඉන්නේ කොහොමත් එකටනේ සුදු .."
"office එක නම් බලාගන්න ඔය සුදී ඉන්නේ.."
"ඔයා එකේ අයිතිකාරයා වුනාට මන් එතන වැඩ කරන කෙනෙක් මතක නැද්ද.."
"ඒක දැන් අපි දෙන්නාගේම.."
"මෙයා බලන්නකෝ.. හරි හරි දැන් ඔය කතාව නවත්තලා මට මේකට උදව් කරන්නකෝ..."
"මට බෑ.."
මගේ පිටිපස්සට ඇවිත් මාව බදාගත්ත එයා මගේ මුනට kiss එකක් දුන්නා."හරි මේ අහන්නකෝ .. අපි හැම weekend එකේම කොහේ හරි යමු .. friday evening to sunday night හානේ.."
"ආහා එහෙනම් එහෙම කරමු...promise නේ ඔන්න දුන්න පොරොන්දුව කඩන්න බෑ.. හරිද.." මන් එයාගේ පැත්ත හැරෙන ගමන් කිවුවා.
"promise.. මේ මතකයිනේ අද ඔයාට හවසට meeting එකක් තියෙනවා..."
"මට මතකයි maddam"
එයාගේ නලලට මාගේ නලල තියාගෙන මන් එයාගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා.මන් ඒ ලස්සන තොල් දෙක ලගට යනවාත් එක්කම හෙනහුරා පාත් වුනා වගේ සුදී room එක ඇතුලට කඩාපාත්වුනා.
"බුදුඅම්මො ඔන්න මන් නම් මොකුත් දැක්කේ නැ " කියන ගමන් එයා අනිත් පැත්ත හැරුනා.
දිග හුස්මක් ගත්ත මන් thashi දිහා බැලුවේ මුට දෙකක් අනින්න තිබ්බානම් කියලා හිතාගෙනමයි.කෙල්ලටත් ලැජ්ජ හිතිලා අහක බලා ගත්තා.shape එකේ සුදී ලගට ගිය මන් එයාගේ ඔළුවට ටොක්කක් අනින ගමන් කරට අතදාගත්තා.
"room එකකට එන්න කලින් තට්ටු කරන්න දන්නේ නැද්ද...?"
"sry sry ඉතින් ඔයාලත් ඔය වැඩේ දොර lock කරගෙන කලානම් මෙ මොකුත් upset එකක් නෑනේ..."