දහවන කොටස

39 6 1
                                    

meeting එක ඉවර කරපු අපි දෙන්නා රෑ කෑම එලියෙන් අරගෙන ගෙදර යන්න පිටත්වුනා.

"මගේ මැණිකට මහන්සිද..?"

"hmm ඊට වඩා ඔයාට මහන්සි ඇතිනේ.. එහේ ඉදන් dive කරන් ආවා ඊට පස්සේ meeting එක.."

"මහන්සි නම් තාම එත් මගේ මැණික ලග ඉන්නකොට මගේ මහන්සිය නැති වෙනවා..."

"ඇත්තද..."

"ඔව්නේ.."

"කෝ එන්න .."ලගට ඇවිල්ලා මගේ නලලෙන් හාද්දක් තිබ්බා." හරි දැන් ගෙදර යමූකෝ..."

"hmm"

ගෙදරට ආපු අපි wash දාගෙන නිදාගන්න ලෑස්තිවුනා.

"දැන් අපි කාගේ room එකේද නිදාගන්නේ... " එයාගේ ලගින් වාඩිවුන මන් ඇහුවා.

"ඇයි ඔයාට තියෙන්න ලස්සන room එකක් එකේ නිදාගන්න . මන් මගේ එකේ නිදාගන්නම්.."

"අනේ මොක්කද අනේ.."

"ඇයි ඉතින්..මේ මන් යනවා මට මහන්සි..good night"

"සුදු ඔහොම ඉන්න මාත් එනවා.."

"යන්න ගිහින් නිදාගන්න .."

"බැ මන් එනවා ඔයා එක්ක නිදාගන්න ..ඔහොම බලන්න එපා..මේ මගේ ගෙදර මට ඕනේ තැනක මන් නිදාගන්නවා.."

"ඇත්තද .." කියන ගමන් මගේ shirt collar එකෙන් අල්ලලා මාව ලගට ගත්තා.

එයාගේ ලස්සන තොල් දෙකට මගේ තොල් දෙකෙන් හාදුවක් තියනගමන් මන් එයාගේ room එකට ඇතුල්වුනා. දෙන්නාත් එක්කම පස්සෙන් පස්සට ගිහින් එයාගේ ඇදට වැටුනා.ඇදට වැටුනු අපි දෙන්නාට හුරතල් වෙවි ඉදලා එහෙමම නින්ද ගියේ කීයටද කියලා අපිම දන්නේ නැ.

උදේ මන් නැගිටිනකොට එයා නැගිටලා තිබ්බා.මන් වේලාව බලද්දී 10ත් පහුවෙලා තියෙනවා දැක්ක නිසා ඉක්මනට නැගිටලා wash එකක් දාගත්තා.මන් washroom එකෙන් එලියට එනකොට මෙයා අපි දෙන්නාගේ tea  එක අරගෙන room එක ඇතුලට ආවා.

"Good morning සුදු.."

"Good morning සුදු.."

"ඇයි මාව නැගිට්ටුවේ නැත්තේ..."

"නිදන් හිටපු විදිය දැක්කම නැගිට්ටවන්න ලොභ හිතුනා.."

"එහෙමද.. "එයාගේ අතේ තිබ්බ tea දෙක අරගෙන් dressing table එක උඩින් තියපු මන් එයාවත් ඇදගෙන ආයෙත් ඇදට වැටුනා..

මායාවි.❤Where stories live. Discover now