පහලොස්වන කොටස

59 9 1
                                        


අපි දෙන්නා ගමේ ලස්සන බල බල එයාලගේ කුඹුරු තියෙන පැත්තට ඇවිදගෙන ගියා.මගේ අතින් අල්ලගෙන පොඩි එකෙක් වගේ හුරතල් වෙවි මට මුළු ගමම පෙන්නුවා.

"සුදු මෙහේ හරිම නිදහස්.. කොලඹට වඩා දාහින් සම්පතක්..ඇයි අනේ මෙච්චර හොද දිහාවක් දාලා අර කොන්ක්‍රිට් වනාන්තරෙට ඇවිල්ලා දුක් විදින්නේ..ඔයා.."

"ඇත්ත...මෙහේ හොදායී .. හැබැයි මන් එහෙම කොලඹ ආවේ නැත්තම් කොහොමද මගේ මෝඩ ලමයෝ අපි හම්බවෙන්නේ...."

"කෙනෙක්ව හම්බ වෙන්න තියෙනවා නම් ඒක කොහොමත් වෙනවා මොකද අපිට දෛවය වෙනස් කරන්න බැනේ..."

"ඒකත් ඇත්තනේ... හරි හරි කතාවෙන් කතාව අපි කුඹුර ලගටත් ආවා ..          ආ... අර ඉන්නේ තාත්තා... අපි යමු.."

තාත්තා ඉන්න කිට්ටුවට ගිය අපි දෙන්නා තාත්තා ගොඩට එනකන් බලන් හිටියා.

"පුතාලා බත් අරගෙන ආවාද...?"

"ඔව් අම්මා ඔක්කොටොම ඇතිවෙන්න බත් බැදලා දුන්නා.. "

කුඹුර පැත්තට හැරුනු තාත්තා වැඩ කරනගමන් ඉන්න ඔක්කොටොම කන්න කතා කලා. කට්ටියම වැඩ නවත්තලා කන්න ගොඩට ආවා.

"පුතාලා කාලාද..?"

"නැ තාම අපි දෙන්නා ගිහින් කන්නම්.."එයා කිවුවා.

"එහෙනම් ඔයාලා දැන් යන්න පුතාලාට බඩගිනිත් ඇතිනේ.."

"මට තාම ලොකු බඩගින්නක් නැ තාත්තේ ... ඔයාට බඩගිනිද..?" මන් ඇහුවා.

"ඔව් මට නම් බඩගිනි අපි යමු... "

"අපෝ මෙයා නම් අනේ මන්දා...බලන්නකෝ තාත්තේ.."

"මෙයා ඔහොම තමා පුතේ.. "

"එකනම් ඇත්ත .. එහෙදිත් එහෙමයි... "

"එකනේ.."

"හරි එහෙනම් ඔයා ඉන්න මන් යනවා...."එයා මට අත වනාගෙන යන්න හැදුවා.

"ඒ ඔහොම ඉන්න මන් එනකන් මට පාර මතක නැ ..."මාත් එයාගේ පස්සෙන් යන්න ගත්තා. "අපි යනවා තාත්තේ..."

"සුදු නොනා මේ දරුවාව එක්කන් යන්න...පුතේ පරිස්සමට යන්න හවසට ලැස්ති වෙලා ඉන්න..."තාත්තාත් කැගැහුවා.

මායාවි.❤Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ