විසිහත්වන කොටස

6 4 0
                                    


පහුවෙනිදා උදේ නැගිටිනකොට තශීගේ උන ටිකක් අඩු වෙලා තිබ්බා. එයාට doctor rest කරන්න කියපු නිසා එයාට ගෙදර ඉන්න කියලා කිවුවා. එයාව ගෙදර දලා මට office යන්න හිතුනේ නැති වුනත් මන් අනිවාර්යෙන් කරන්න වැඩක් තියෙන නිසා යන්න ලැස්තිවුනා. 

"සුදූ මන් office යන්නේ අද ගිහින් කරන්න ලොකු වැඩක් තියෙන නිසා නැතුව ඔයා මෙහෙම අසනීප වෙලා ඉන්න වෙලේ මට ඔයාව දලා යන්න නම් කොහොමත් හිතෙන්නේ නැ...."

"හරි සුදූ මන් දන්නවා.. ඔයාට office එකේ වැඩ තියෙනවා..මන් හින්දා ඔයා ඔයාගේ වැඩ පාඩු කරගන්න ඕනේ නැ.."

"office එකේ වැඩක් නෙවෙයි මේක මගේ වැඩක්...."

"සුදූ ඒ tone එක නම් මට එච්චර ඇල්ලුවේ නැ.. මොකද්ද ඔයා කරන්න යන්නේ.."

"පිස්සුද අනේ මන් මොකුත් කරන්නේ නැ...ඔයා වෙලාවට බෙහෙත් ටික බොන්න..මන් හවස් වෙන්න කලින් ගෙදර එනවා ...පුලුවන් වුනොත් දවල් කැමට එන්නම්.."

"මන් වෙලාවට බෙහෙත් ටික බොන්නම් ..ඔයා පොරොන්දු වෙන්න office ගිහින් මොකුත් ප්‍රශ්නයක් දාගන්නේ නැ කියලා.."

"හරි හරි ඔයා දැන් rest කරන්නකෝ මන් ගියා වැඩ ඉවර කලා..ගෙදර ආවා....හරිනේ.."

"හ්ම් ..පරිස්සමින් ගිහින් එන්න.."

"හරි මැණික ඔයාත් පරිස්සමට ඉන්න එහෙනම්...."

"ගෙදර ඉන්න මට මොන පරිස්සමක්ද..අනික මාත් එක්ක ඇන්ටි ඉන්නවානේ..මන් ගැන බය වෙන්න දෙයක් නැ..."

"හරි හරි maddam මන් යන්නද පරක්කු වෙනවා..."

"හරි..ගිහින් එන්න එහෙනම්.. love you සුදු..."

"love you මැණික....ඉක්මනට එන්නම් " එයාගේ නලලට kiss එකක් දීලා මන් පහලට ආවා.

"ඇන්ටි මන් යනවා..අරයාට වෙලාවට බෙහෙත් බොන්න මතක් කරන්න.. සමහරවිට මන් දවල්ට එන්න ඉඩ තියෙනවා....එනවා නම් මන් කියන්නම්..."

"හරි බාබා මන් සුදුනොනාට බෙහෙත් ටික දෙන්නම් වෙලාවට...බාබා දවල්ට එනවා නම් කියන්න...මන් කැම ලැස්ති කරලා තියන්නම්..."

"හරි එහෙනම් මන් යනවා...."

"හරි බාබා පරිස්සමට ගිහින් එන්න එහෙනම්.."

To już koniec opublikowanych części.

⏰ Ostatnio Aktualizowane: 5 days ago ⏰

Dodaj to dzieło do Biblioteki, aby dostawać powiadomienia o nowych częściach!

මායාවි.❤Opowieści tętniące życiem. Odkryj je teraz