"සුදු දැන් නිදාගමු.. මට දැන් නම් ඇත්තටම මහන්සියි."
"හ්ම්ම්.."මගේ පපුවට ඔලුව තියාගෙනම එයා නිදාගන්න ලැස්තිවුනා.
"thanks සුදු මගේ ජිවිතේට ආවාට.. ඔයා ආවයින් පස්සේ මගේ කලුවර වෙලා තිබ්බ ජිවිතේ ආයෙත් පාට වුනා.."
"මන් ඔයා එක්ක හැමදාම ඉන්නවා සුදු මන් කොහේවත් යන්නේ නැ.."මට තවත් තුරුල්වෙන ගමන් එයා කිවුවා.
"මන් දන්නවා.. දැන් නිදාගමූ... දැන් වෙලාව කීයද බලන්න..."
"good night මැනික..."
"good night මැනික..."එයාගේ නලලට හාදුවක් දෙන ගමන් මන් කිවුවා.එයාවත් තුරුල් කරගෙන මන් නිදාගත්තා.
අපි දෙන්නා උදේ නැගිටිනකොට 11ට විතර වෙලා තිබ්බා.මන් නැගිටිනකොට එයා නැගිටලා අපි උදේට කන්න කැම හදනවා. මන් ගිහින් එයාගේ පිටිපස්සෙන් හිටගෙන එයාව බදාගෙන කම්මුලට kiss එකක් දුන්නා.
"Good morning බබා"
Good morning සුදු...තේ හදන්නද....මන් ඔයා නැගිටිනකන් හිටියේ.."
"හා හදන්න.. ඔයා ගොඩක් වෙලාද නැගිටලා.."
"නැ දැන් ටිකක් වෙලා.."
"හ්ම්ම්..අපි කොහේ හරි යමුද...?"
"කොහේද...?"
"කොහේ හරි.."
"මහන්සි නැද්ද ලමයෝ...ඊයේ drive කරලා ගෙදර ඇවිල්ලා....."
"මට මහන්සි නැ .. ඇයි ඔයාට ආමරුයිද...අහා..."
"නැ ඉතින් මන් කියන්නේ.. ඔයාට මහන්සිනේ...ඒකයි..හෙට office යන්නත් එපැයි.."
"මට මහන්සි නැ ..හරිද ඕනනම් අපිට ආයෙත් ...."
"අහ්හ හා හරි හරි මන් දන්නවා...කෝ එහාට වෙන්න මට මේ තේක හදන්න දීලා.."
"බැ මන් මෙහෙම ඉන්නම් ඔයා ඕක හදන්න..."
"ලමයෝ උනුවතුර ඇගට හැලෙයි..."
"නැ නැ එහෙම වෙන්නේ නැ..."
"හාකෝ..."
දෙන්නාත් එක්ක තේ බීලා උදේට කලා breakfast එකක් බලන්න ගත්තා.
"දවල්ට මොනවාහරි එලියෙන් කමු..."
"ඔනේ නැ .. මන් මොනවාහරි හදන්නම්...හවසට එලියට යමු ඕනේ නම්..."