"ඔය කාමරේට වැදිලා ඉන්නේ නැතුව එලියට එනවා අයිසේ "
"ලොකු පුතා මල්ලිට කෑ ගහන්න එපා දරුවෝ "
"අනේ ඔයත් ඉන්න ආච්චි ඕන නැති මල කුන්ඩවාල වල පැටලිලා නලුවෙක් වෙලා හෙට ඉඳන් මූ කොලේජ් එකේ ඉන්නේ කොහොමද කියලා මූට තේරෙන්නැද්ද ... ඇරපිය මේ දොර ... ආපු ගමන් රිංගුවා ඇතුලට "
යසිරු මේ කෑ ගහන්නේ ආපු ගමන් බයික් එකෙන් බැහැලා දුවලා ගිහින් කාමරේට වැදිලා දොර ලොක් කර ගත්ත මෙතුලට
"මම ආයේ කියන්නේ නෑ මෙතුල .... වරෙන් එලියට ... මම දොර කඩලා ඇතුලට ආවොත් උබව මරලමයි පස්ස බලන්නේ "
කොලේජ් එකේ දත් මිටි කාගෙනම පොර ඉවසන් ගෙදර ආවේ මෙතුලව ගෙදර ගිහින් අල්ලන් හම ගහන්නම තමා
"අ-අනේ අයියේහ්.....අව්ව්හ්හ් "
"ලොකු පුතා උබ ඔය අත ඉස්සුවේ මල්ලිට ගහන්න නම් අත පල්ලෙහාට දානවා කරුණා කරලා "
යසිරුගේ කේන්තියටම රත ගහපු ඇස් දිහා බලන් මෙතුලගේ ඉස්සරහට පැන්න ආච්චි අම්මා පොඩියට ඉන්න මෙතුලව කවර් වෙන්න හිටගත්තේ මෙතුලගේ ඔලුව පපුවට තුරුල් කර ගන්න ගමන්
"හරි හෙට ඉඳන් උබ ඕන කුදයක් ගහගනිං අරූ උබව මැරුවත් මම ඇහැක් ඇරලා බලන්නෑ උදේ යනකොට ඇඟිල්ලෙන් ඇන ඇන නේද යකෝ කිව්වේ ඌ ඉන්න පැත්තක් වත් බලන්න එපා කියලා .... ඌව තරහා කරගත්තා කියන්නේ ඌ උබව නොමරා මරයි යකෝ"
"කවුද ලොකු පුතා ඔය !"
මෙතුලව පැත්තකට කරපු ආච්චි අම්මා අඩියක් ඉස්සරහට තියන ගමන් යසිරුව කතාවට අල්ල ගත්තේ යසිරු මේ යකා වගේ මෙතුලගේ ඇගට කඩා පනින්න හදන හේතුව දැනගන්න
"ශැනෝන් ද රෝයි *** හොටෙල් එකේ ඔව්නර්ගේ එකම පුතා "
"අර එක පාරක් හිරෙත් ගිහිල්ලත් ආපු කොල්ලා නේද දූශන සීන් එකකට "
"ඔව් ඔව් රිමාන්ඩ් කරේ ඌව තමා "
ඔන්න එතකොටයි වීදුරු බෝල දෙකක් වගේ තිබ්බ මෙතුලගේ ඇස් ලොකු වෙලා ගිහින් යසිරුගේ දිහාවටත් හැරුනේ
"ඉතින් ඇයි ලමයෝ මල්ලිගේ ඇගට කඩා පයින්නේ මේ "
"මෙන්න මූ සහෝදර ප්‍රේමේ පෙන්නන්න ඇවිල්ලා ඌට නෝට් උනා හෙට ඉඳන් මූව මරන් කයි ඒ පාහර බල්ලා "
YOU ARE READING
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionඑන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎